අද පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරඟය කල් දැමේ.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අද රාත්‍රීයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවන විස්සයි විස්ස තරඟය හෙට දිනයට කල් දැමීමට සිදුව තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකකුට COVID 19 ආසාදනය වීම හේතුවෙන් මෙලෙස තරඟය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

මේ වන විටත් එම ක්‍රීඩකයාට සමීපව සිටි තවත් ක්‍රීඩකයින් 8 දෙනෙක් සමඟ අදාළ ක්‍රීඩකයාත් හුදකළා කර ඇති බවට වාර්තා වනවා. අද උදෑසන ලැබුණු පර්යේෂණ ප්‍රතිඵල වලට අනුව ඉන්දීය ක්‍රීඩකයෙක් මෙලෙසින් ආසාධිත බව තහවුරු වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ ප්‍රතිඵල යහපත් තත්ත්වයක පවතිනවා.

දැනට පවතින වාතාවරණය අනුක අද කල්දමනු ලැබූ දෙවන තරඟයත් සහ 29 පැවැත්වීමට තිබූ තෙවන තරඟයත් යන තරඟ ද්විත්වයම හෙට (28) සහ අනිද්දා යන දෙදින තුළ පවත්වා අවසන් කරන බවයි ESPNCricinfo වෙබ් අඩවිය වාර්තා කරන්නේ

මේ පිළිබඳ තවත් තොරතුරු ලද සැනින් ඔබ වෙතට ගෙන ඒමට අපි සුදානම්.

Leave a comment

Creedanet