“අපිට ශ්‍රී ලංකාව පරාජයට පත්කරන්න පුළුවන්”. – බංගලාදේශ ක්‍රිකට් සංවර්ධන කමිටු සභාපති.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ අප්‍රේල් මාසයේ අග භාගයේදී ආරම්භ වීමට නියමිතයි.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරග දෙකම පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින්.

තරගාවලියට පෙර බංග්ලාදේශ ක්‍රිකට් සංවර්ධන සභාපති කලීල් මහමුද් මහතා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කර තිබෙන්නේ සිය කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කිරීමට හැකියාව පවතින බවයි.

අපි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායමට ටෙස්ට් තරගාවලි පරාජයට පත් වුණත් අපිට ඉන්නේ තරග ජයග්‍රහණය කළ හැකි ඉතාමත් හොඳ කණ්ඩායමක්. අපි හිතනවා අපිට ශ්‍රී ලංකාව පරාජයට පත් කරන්න පුළුවන් වෙයි කියලා.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙක පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. එහි තණතීරුව පිතිකරුවන්ට ඉතාමත් යෝග්‍යයයි. ඒ නිසා මම හිතනවා අපි ටෙස්ට් තරග දෙක හොඳින් ක්‍රීඩා කරයි කියලා.

බංග්ලාදේශ කණ්ඩායම එළඹෙන අප්‍රේල් මස දොළොස් වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. දිවයිනට පැමිණීමෙන් අනතුරුව දින තුනක් නිරෝධායනය වීමෙන් අනතුරුව අන්තර් සංචිත පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට ඔවුන් සූදානම් ව සිටිනවා.

බංග්ලාදේශය සඳහන් කරන ආකාරයට ඔවුන්ට ශ්‍රී ලංකාව පරාජයට පත් කරන්නට හැකි වේවිද ?

Source – NewAge Website Bangladesh

Leave a comment

Creeda Sports Network