ඊයේ දිනයේ (2) සෙන්චූරියන්හී supersport park cricket stadium හී පැවති දකුණු අප්‍රිකානු – පකිස්තාන එක්දින තරගාවලියේ පළමු තරගයෙහි ජය කඩුලු 3කින් වාර්තා කිරීමට පාකිස්තානය සමත්විය.
කාසිය වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කරන ලදි. ඉණිම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 273ක් රැස්කිරීමට සමත්විය. අනර්ඝ ඉණිමක් ක්‍රීඩා කල රසී වෑන්ඩර් ඩූසෙන් නොදැවී ලකුණු 123 ක් ලබාගන්නා ලදි. එය ඔහුගේ ක්‍රීඩා දිවියේ ප්‍රථම එක්දින ශතකයයි.
පිළිතුරු ඉණිම ක්‍රීඩාකල පාකිස්තානය කඩුලු 7ක් දැවී එම සීමාව පසුකරයාමට සමත්විය. නායක බාබර් අසාම් ශතකයක් වාර්තා කල අතර ඉමාම් උල් හක් ලකුණු 70ක් ලබා ගන්නා ලදි.
ඒ අනුව තරග තුනකින් සමන්විත් පාකිස්තානු – දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ 1-0 ලෙස මේ වනවිට පෙරමුණේ පසුවන්නේ පාකිස්තානු කණ්ඩායමයි. දෙරට අතර දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය හෙට දිනයේ (4) පැවැත්වීමට නියමිතයි.
තරග සාරාංශය
දකුණු අප්‍රිකාව 273/6(50)
රසී වෑන්ඩර් ඩූසෙන් 123*, ඩේවිඩ් මිලර් 50.
ශහීන් අෆ්රිඩි 2/61.
පාකිස්තානය 274/7(50)
බාබර් ආසම් 103, ඉමාම් උල් හක් 70, මොහොමඩ් රිස්වාන් 40.
ඇන්රිච් නෝකියා 4/51.
Author – Sukitha Amradewa