එංගලන්තයට එරෙහිව සටන් වදින සිංහ සංචිතය නම් කෙරේ.

එංගලන්ත සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද දිනයේදී ප්‍රකාශයට කොට ඇත. තරග තුන බැගින් ඇතුළත් එක්දින හා විස්සයි විස්ස තරගාවලි ද්විත්වය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 24 දෙනෙකු ඇතුළත්ය.

මින් පෙර ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කළ අතර ඉන් ක්‍රීඩකයන් සිව්දෙනෙකුහට අවසන් සංචිතයේ ඉඩකඩ හිමිවී නොමැත. එම ක්‍රීඩකයන් සිව්දෙනා වනුයේ අශේන් බණ්ඩාර, සදීර සමරවික්‍රම, කමිල් මිශාර හා ප්‍රවීන් ජයවික්‍රමයි.

අද දිනයේදී ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා සංචිතයට චරිත් අසලංක , ඉෂාන් ජයරත්න හා ධනංජය ලක්ෂාන් පළමු වරට කැදවීම් ලබා ඇත. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ද එංගලන්ත සංචාරයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ය.

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතය

Kusal Perera (C)
Danushka Gunathilaka
Pathum Nissanka
Avishka Fernando
Oshada Fernando
Kusal Mendis
Dhananjaya De Silva
Charith Asalanka
Niroshan Dickwella
Dasun Shanaka
Chamika Karunaratne
Dhananjaya Lakshan
Wanindu Hasaranga
Ramesh Mendis
Lakshan Sandakan
Akila Dananjaya
Dushmantha Chameera
Isuru Udana
Binura Fernando
Nuwan Pradeep
Shiran Fernando
Kasun Rajitha
Asitha Fernando
Ishan Jayaratne

ශ්‍රී ලංකා – එංගලන්ත තරඟ කාලසටහන

දිනයතරඟය
ජුනි 23පළමු T20 තරඟය
ජුනි 24දෙවැනි T20 තරඟය
ජුනි 26තෙවැනි T20 තරඟය
ජුනි 29පළමු එක්දින තරඟය
ජූලි 01දෙවැනි එක්දින තරඟය
ජූලි 04තෙවැනි එක්දින තරඟය

Leave a comment

Creedanet