එංගලන්තයේ Premier League පාපන්දු 2020/21 තරඟවාරයේ ක්‍රීඩකයා Ruben Dias

ලොව පැවැත්වෙන පාපන්දු ලීග අතුරින් ඉතාමත්ම තරඟකාරී ලීගය ලෙසට සටහන් වන්නේ එංගලන්තයේ Premier League පාපන්දු ලීගයයි. එහි තරඟවාරයක ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර වීම යනු ලෙහෙසි පහසු කර්තව්‍යක් නම් නොවේ.

අනෙක් කාරණය වන්නේ ආරක්ෂක ක්‍රීඩකයෙක් හට මෙකී සම්මානය දිනා ගැනීම අතිශයින්ම අපහසු දෙයකි. මන්දයත් ඔවුන් කණ්ඩායම වෙනුවෙන් සිදු කරන සේවය කැපී පෙනෙන්නේ නැති නිසාය. බොහොමයක් පාපන්දු ක්‍රීඩකයන් ඇගයීමේදී ආරක්ෂක ක්‍රීඩකයන් අසාධාරණයට ලක් වන බව පාපන්දු ක්‍රීඩාවේ දක්නට ලැබෙන පොදු චෝදනාවක් බවට පත්ව තිබේ.

මෙවැනි මොහොතකදී මෙවර Premier League 2020/21 තරඟවාරයේ හොඳම ක්‍රීඩකයා බවට පත්වීමට Manchester City කණ්ඩායමේ ආරක්ෂක ක්‍රීඩක පෘතුගාලයේ Ruben Dias සමත් වී තිබේ. එය සටහන් වන්නේ ආරක්ෂක ක්‍රීඩකයෙක් මෙකී සම්මානය දිනාගත් සිව්වන අවස්ථාව ලෙසටය.

2020/21 තරඟවාරයේදී Manchester City කණ්ඩායම ලීග ජයග්‍රහණය වෙනුවෙන් රැගෙන යාමේදී විශිෂ්ට සේවයක් කල ඔහු විසින් තරඟ 32ක් ලීගය තුළ ක්‍රීඩා කොට තිබේ. එකී තරඟ 32 කම ආරම්භක ක්‍රීඩකයා ලෙසින් මිනිත්තු 90 වම Dias විසින් ක්‍රීඩා කර තිබීම විශේෂත්වයකි

ඔහු මෙවර Premier League තරඟවාරයේදී එක් ගෝලයක් රැස්කරගෙන තිබේ. ඊට අමතරව සාර්ථක Tackles එක් තරඟයකට 0.75 ක් ද Interceptions එක් තරඟයකට 1.09 ක් ද Clearance එක් තරඟයකට 2.81 වැනි සාමාන්‍ය අගයක්ද පවත්වාගෙන තිබෙනවා. Manchester City කණ්ඩායම මෙවර ලීගයේදී ගෝල 83ක් වාර්තා කොටගෙන ප්‍රතිවාදීන් හට ලබා දී ඇත්තේ ගෝල 32ක් පමණයි. එය අඩුම ගෝල ලබාදුන් කණ්ඩායම ලෙසටද දැක්වෙයි. මේ සියල්ලටම Ruben Dias ගේ සේවය වඩාත් වැදගත් එකක් විය.

Featured Image – News In 24 English

Leave a comment

Creedanet