එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරඟ සහභාගීත්ව වාර්තාව James Andreson ට!

ඊයේ දිනයේදී ආරම්භ වූ එංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟය සඳහා James Andreson ක්‍රීඩා කිරීමත් සමගම ඔහු එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් නියෝජනය කල ක්‍රීඩකයා බවට පත් වුනා. ඒ තරඟ 162ක් නියෝජනය කරමිනුයි.

මීට පෙර එකී වාර්තාව සතු වුණෙ හිටපු එංගලන්ත නායක Sir Alistair Cook සතුවයි. ඔහු එංගලන්තය තරඟ 161 ක් පුරාවට නියෝජනය කොට තිබුණා. මේ වන විට 38 වන විය පසුවන Anderson විසින් බිඳ හෙලා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 616ක් ලෙසට සටහන් වනවා. ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ Anil Kumble 619, ඕස්ට්‍රේලියාවේ Shane Warne 708 සහ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ගේ කඩුලු 800 යි. ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු ගණනක් බිඳ හෙලූ වේග පන්දු යවන්නා වන්නේද Anderson ය.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කල ක්‍රීඩකයෝ,

James Andreson – තරඟ 162
Sir Alistair Cook – තරඟ 161
Stuard Board – තරඟ 148
Alec Stewart – තරඟ 133
Ian Bell – තරඟ 118

Featured Image – ESPNCricinfo

Leave a comment

Creedanet