එංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ ලකුණු සටහන

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයට තරඟය නවතන විටදී තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 229ක් ලබාගෙන ප්‍රභල තත්ත්වයක පසු වුනා.

අද දින තරඟය ආරම්භ කරද්දී කඩුලු 7ක් දැවී ලකුණු 258 ක් ලබා සිටි එංගලන්ත ලකුණු පුවරුව සියලුම දෙනා දැවී ලකුණු 303 ක් ලෙසට සටහන් වුනා. මෙහිදී Daniel Lawrence ගේ ඉනිම මෙන්ම අවසාන භාගයේදී අලංකාර ඉනිමක් දියත් කරමින් ලකුණු 41ක් රැස් කල Mark Wood ගේ ඉනිමද එංගලන්තයට අතිශය තීරණාත්මක සාධක බවට පත් වුනා.

ඉන් අනතුරුව තම පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත මුල් කඩුල්ල ලකුණු 15 කදී බිඳ වැටෙද්දී තම දෙවන ටෙස්ට් තරඟයේත් සාර්ථක වූ Devon Conway විසින් ලකුණු 80ක් රැස් කිරීමට සමත් වුනා. ඔහුගේ දැවී යාමෙන් අනතුරුව Ross Taylor සමගින් අගනා සබඳතාවයක් ගොඩ නැගූ Will Young විසින් තම මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුනා.

නමුත් දිනයේ අවසන් පන්දුවාර කිහිපයේදී පන්දු යැවීමට පැමිණි Daniel Lawrence විසින් තම මංගල කඩුල්ල ලෙසට Will Young ව ලකුණු 82 කට දවා ගැනීමත් සමගම දිනය නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කලා. දෙවන දිනය අවසන් වන විටදී තරඟයේ කෙටි ලකුණු පුවරුව,

එංගලන්තය පළමු ඉනිම 303-10 (101)

Daniel Lawrence 81(124)* Rory Burns 81(187)

Trent Boult 85/4 Matt Henry 78/3

නවසීලන්තය පළමු ඉනිම 229-3 (76.3)

Will Young 82(204) Devon Conway 80(143)

Stuart Broad 22/2 Daniel Lawrence 8/1

Featured Image – ESPNCricinfo

Leave a comment

Creedanet