එංගලන්ත නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමයි!

එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමා වන විටදී තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 258ක් රැස්කර ගෙන සිටියා.

එංගලන්ත පළමු කඩුල්ල සඳහා Dominic Sibley සහ Rory Burns විසින් ලකුණු 72ක් එක් කිරීමට සමත් වුවත් ඉන් අනතුරුව Sibley ලකුණු 35 කට දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි Zak Crawley ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වද්දී නායක Joe Root ලකුණු 4 කට දැවී ගියා. Ollie Pope ලකුණු 19යි. ඉන් අනතුරුව පළමු තරඟයේ මෙන්ම එංගලන්ත ඉනිමේ බර කරට ගත් Rory Burns විසින් තම 10 වන ටෙස්ට් අර්ධ ශතකය රැස් කලා.

නමුත් ලකුණු 81 ක් ලබා සිටි Rory Burns ව පිටියෙන් ඉවත් කල Trent Boult විසින් තම මුල්ම ටෙස්ට් ඉනිමේ ලකුණු 0 ට දැවී ගිය James Bracey ක්‍රීඩා කල දෙවන ටෙස්ට් ඉනිමේද ලකුණු ලබා ගැනීමට ඉඩ ලබා නොදෙමින් පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා. එංගලන්තය එවිට කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස්කොට ගෙන අසීරු තත්ත්වයක පසු වුනා.

නමුත් අන්තයක් ආරක්ෂා කරගනිමින් නොදැවී ක්‍රීඩා කරන Daniel Lawrence විසින් තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කරගත් තුන්වන අර්ධ ශතකය රැස් කරමින් ක්‍රීඩා කරමින් සිටින නිසා දිනය නිමාවන විට ලකුණු 258 කට කඩුලු 7ක් ලෙසින් එංගලන්ත ඉනිම යම්කිසි අස්වැසිල්ලක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

එංගලන්තය 258 -7 (90)

Rory Burns 81 (187) Daniel Lawrence 67* (100)

Ajaz Patel 34/2 Trent Boult 60/2

Featured Image – ESPNCricinfo

Leave a comment

Creedanet