එංගලන්ත සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මූලික සංචිතය නම් කෙරේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියක් සහ තරඟ තුනකින් ම සමන්විත එක්දින තරඟාවලියක් එළඹෙන ජුනි සහ ජූලි මාස වලදී පැවැත්වීමට නියමියි.

මෙම සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්තයට ගමන් කරන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම වෙනුවෙන් ක්‍රීඩකයන් 28 දෙනෙකුගෙන් යුතු මූලික සංචිතයක් අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

මෙම සංචිතයට බංගලාදේශ තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් 18 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකු නම් කර තිබෙනවා. බංගලදේශ සංචාරය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණියා. එම ක්‍රීඩකයන් 18 දෙනාම ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී දින තුනක නිරෝධායන කාලයකට යොමු වීමට නියමිතයි.

ඔවුන් දින 3ක නිරෝධායන කාලය අවසන් කිරීමෙන් අනතුරුව සංචිතය සඳහා නම් කර ඇති සෙසු ක්‍රීඩකයන් 10 දෙනා සමග කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාපිටිය කේන්ද්‍රකරගනිමින් පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

සංචිතයට අලුතෙන් නම් කෙරුණු ක්‍රීඩකයන් 10දෙනා බංගලාදේශයේ සිට පැමිණි ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් නිරෝධායන කාලය අවසන් කරන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි මහතාගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම්වල නිරත වීමට නියමිතයි.

සංචිතයට අලුතෙන් නම් කෙරුණු ක්‍රීඩකයන් අතර මෙවර දේශීය ක්‍රිකට් පිටියේ එක්දින තරඟාවලිය තුළ විශිෂ්ට දක්ෂතා අතරට පැමිණීමට සමත් වුණු චරිත් අසලංක, කමිල් මිශාර, ඉශාන් ජයරත්න සහ LPL තරඟාවලිය තුළ කැපී පෙනුණු දක්ෂතා දැක්වූ ධනංජය ලක්ශාන් යන ක්‍රීඩකයින් ද ඇතුළත්.

මූලික සංචිතය

  1. Kusal Perera (C)
  2. Danushka Gunathilaka
  3. Pathum Nissanka
  4. Avishka Fernando
  5. Sadeera Samarawickrama
  6. Oshada Fernando
  7. Kusal Mendis
  8. Dhananjaya De Silva
  9. Charith Asalanka
  10. Kamil Mishara
  11. Niroshan Dickwella
  12. Ashen Bandara
  13. Dasun Shanaka
  14. Chamika Karunaratne
  15. Dhananjaya Lakshan
  16. Wanindu Hasaranga
  17. Ramesh Mendis
  18. Lakshan Sandakan
  19. Akila Dananjaya
  20. Praveen Jayawickrama
  21. Dushmantha Chameera
  22. Isuru Udana
  23. Binura Fernando
  24. Nuwan Pradeep
  25. Shiran Fernando
  26. Kasun Rajitha
  27. Asitha Fernando
  28. Ishan Jayaratne

ඒ අනුව මෙම ක්‍රීඩකයන් 28 දෙනාගෙන් ක්‍රීඩකයන් 22නෙකු ජුනි මාසයේ මුල් සතිය අවසන් වනවිට එංගලන්ත සංචාරය සඳහා වන අවසන් සංචිතය ලෙස තෝරා පත් කර ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ විස්සයි20 තරගාවලිය ජුනි මස 23 වනදා ආරම්භ වීමට නියමිත අතර එක්දින තරගාවලිය ඉන් අනතුරුව ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – එංගලන්ත තරඟ කාලසටහන

දිනයතරඟය
ජුනි 23පළමු T20 තරඟය
ජුනි 24දෙවැනි T20 තරඟය
ජුනි 26තෙවැනි T20 තරඟය
ජුනි 29පළමු එක්දින තරඟය
ජූලි 01දෙවැනි එක්දින තරඟය
ජූලි 04තෙවැනි එක්දින තරඟය

Image Source – SLC Media

Leave a comment

Creedanet