ඔලිම්පික් කෙළිබිමට ක්‍රිකට් ක්‍රීඩාවත් එක් කිරීමට සැලසුම් කෙරේ.

2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉසව්වක් ලෙසින් පැවැත්වීමට සැලසුම් කොට ඇත.  ලොස්ඇන්ජලීස්හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේදී කුමන ආකෘතියේ ක්‍රිකට් තරග පවත්වන්නේද යන්න පිළිබදව මෙතෙක් තීරණය කොට නොමැත.

ඔලිම්පික් උළෙල වෙනුවෙන් කුමන ආකෘතියේ ක්‍රිකට් පවත්වන්නේද යන්න පිළිබඳව තීරණය කිරීමට පත් කළ කමිටුවට මහේල ජයවර්ධනද ඇතුළත්ය. එමෙන්ම මහේල මේ දිනවල එංගලන්‍තයේදී පැවැත්වෙන The Hundred තරගාවලියේ සදර්න් බ්‍රේව් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන්ද කටයුතු කරයි.

” මෙම තරගාවලියට මිනිසුන්ගේ ඇති උද්‍යෝගය හා මිනිසුන් එය වැළදගන්නේ කෙසේද යන්න පිළිබදව බැලීමට අපට තරගාවලිය අවසන් වන තෙක් ඉන්න වෙනවා.”යනුවෙන් Daily Mail පුවත් අඩවිය වෙත මහේල අදහස් දක්වා ඇත.

” විස්සයි විස්ස ආකෘතිය පිළිබදව සාකච්ඡා කළා. ඒවගේම T10 ආකෘතිය තවත් විකල්පයක්. ඉතින් ඇයි The Hundred ආකෘතිය හොද නැත්තෙ. තරගය නිසි පරිදි පැවැත්වුවහොත් එය අවසන් වෙන්න යන්නෙ පැය දෙක හමාරයි. එය ඉතාමත් හොද දෙයක්.”

කුමන ආකාරයේ තරග ආකෘතියක් තෝරා ගැනුනද එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිර්දේශ කළ යුතු අතර ICC පූර්ණ අධීක්ෂණය යටතේ තරගාවලිය පැවැත්විය යුතුය. 2028 ඔලිම්පික් උළෙලට කුමන ආකෘතියේ ක්‍රිකට් තරග පවත්වන්නේද යන්න පිළිබදවද එළඹෙන පෙබරවාරි මස වන විට අවසන් තීරණයක් ගැනීමට නියමිතය. ඔලිම්පික් උළෙලකදී ක්‍රිකට් තරග ක්‍රීඩා කොට ඇත්තේ එක් වරක් පමණි. ඒ 1900 වසරේ ඔලිම්පික් උළෙලෙහිදීය.

Image Source – Getty Images

Leave a comment

Creedanet