කටුකුරුන්ද ධාවන පතය තුල දෙවින් සේරසිංහට කිසිදා අමතක නොවන සුරගන කතාව.

ඉතා වේගවත් වට 3 කට පසු ඔහුගේ මෝටර් රථයෙහි වේගය අඩාලවනු බව ඔහුගේ සගයන්ට වැටහීගොස් තත්පර කිහිපයකින් එම රථය ධාවන පථයේ එක් අන්තයක නතර විය. කාර්මික දෝෂයක් හේතුවෙන් එන්ජිම රත්වී රථයේ තාක්ෂණික දෝෂයක් හටගත් අතර #23 මෝටර් රථ ධවකයාගේ මනස ඒකාකූලව, එකම ඉලක්කයක් කරා තරඟය ආරම්භයේ සිටම පැවතිණි.

එදා 2019 වසරේ ඔක්තෝම්බර් මස 20 වැනි සෙනසුරාදා, කටුකුරුන්ද මෝටර් සහ යතුරු පැදි ධාවන පථය කළබලකාරී වුයේ අප කවුරුත් අසාවෙන් නරඹන කටුකුරුන්ද Rotherham ධාවන තරඟාවලිය නිසාවෙනි. සියලුම මෝටර් කාර් සහ මෝටර් බයික් රථ පරික්ෂා කිරීමෙන් අනතුරුව  කාල ගණනය කිරීමේ  තරඟ ආරම්භවිය. සියලු ධාවකයන්ගේ අධ්ෂ්ඨානය වනුයේ කාල ගණනය කිරීමේදී තම උපරිම කාල ගණනයක් ලබාගෙන පසුදා පැවැත්වෙන අවසන් තරඟයේදී පෙරමුණේන් තරඟය ආරම්භ කිරීමටයි.

අවසානයේදී සමහරෙක්ට මේය සත්‍යය වශයෙන්ම සිදු වූ සුරගන කතාවක් වීමට පුළුවනි, තවකෙකු එය එදින අත්විදින්නට ඇත.

දෙවින් සේරසිංහ ඔහුගේ ක්‍රීඩා දිවියේ  Nissan March ඉසව්වට සහභාගී වන අවසන් තරඟයේ කාල ගණනය කිරීම අතරතුර තම හුරුබුහුටියාට සිදු වන කාර්මික දෝෂයක් හේතුවෙන් කාල ගණනය කිරීමේ වට 3කින් තම කාල ගණනය අවසන් කලා. තමා  ධාවන දිවියට ගෙන ආ ඉසව්ව, මේ වනවිටත් එම ඉසව්වේ පෙරලිකාරයා ඔහුයි. 2018 කටුකුරුන්ද මෝටර් රථ සහ යතුරුපැදි තරඟාවලිය එම වර්ෂයේ අවසන් මෝටර් රථ සහ යතුරුපැදි තරඟාවලියයි.

දෙවින් සේරසිංහ එම ඉසව්වෙන් ජය ගතහොත් ඔහු පිට පිට වසර තුනක් එම ඉසව්වේ ජාතික ශූරයා බවට පත්වන්නට ඉඩ තිබුනද, මිහාන් පීරිස් ද ඒ වන  වීට දෙවින් සේරසිංහ හා සම ලකුණු ලබා ජාතික ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ සිටියා.

කාල ගණනය කිරීම් අවසන් වී එහි ප්‍රථිපල නිකුත් වූ අතර දේවින්ගේ හොඳම කාලය දෙවෙනි වුයේ කේසර ගොඩගේටයි… මිහාන් පීරිස් 3 වන ස්ථානයේ සිට හෙට තරඟ ආරම්භ කිරීමට සුදුසුකම් ලැබීය.

කාර්මික ශිල්පීන් හා කතාබහ කල දෙවින්ට ඔවුන් පැවසුවේ ‘ දෙවින්, කොහොම හරි ඔයාට හෙට race එකට අපි car එක ලෑස්ති කරලා දෙනවා, එකට තෑග්ග විදිහට අපිට හෙට ඔයා podium එකේ උඩින්ම ඉන්නවා බලන්න ඕනේ…’ තම හුරුබුහුටියා දෙස බලා හිනාවක් එක් කල දෙවින් ඔහුගේ අනෙක් ඉසව්වට ලැහැස්ති වීමට එම ස්ථානයෙන් පිටවිය.

තරඟ දවස උදාවිය. පෙරදා රාත්‍රීයාමයම දෙවින් කල්පනා කලේ තමන් ධාවන දිවියට අත්පොත් තැබූ ඉසව්ව සහ වසර තුනක් පුරා ධාවන පථයේදී දුකට සැපට තමන් සමඟ එකට සිටි හුරුබුහුටියා හා හෙටින් පසු කෙසේනම් ඈත් වී සිටින්නද කියායි.  තරඟ විනිසුරුවන් 13 වන තරඟ ඉසව්ව ආරම්භ කිරීම සඳහා ධාවන තරඟකරුවන් සියල්ලට ධාවන පථයට ආරාධනා කළේය. ඒ Nissan March 1000CC Noises තරඟ ඉසව්වටයි. දෙවින් සේරසිංහ දෙවන ස්ථානයේ සිට තරඟය ආරම්භ කිරීමට සුදානම් වන අතර මිහාන් පීරිස් ඔහුට පිටුපසින් තරඟ ආරම්භයට සුදානම් විය.

තරඟ වට 8 කින් සමන්විත වූ එම ඉසව්ව කාගේත් ආකර්ෂණය ලැබූ ඉසව්වකි. වර්ණ සංඥාව රතු වූ අතර ඉසව්වේ සියලුම තරඟ ධවකයෝ තම මෝටර් රථ උපරිම කාර්යක්ෂමතාවයක් සඳහා එන්ජින් සියල්ල රේස් කල අතර කොළ සංඥාව ලැබුණු විගසම සියල්ලෝම ඉතා වේගයෙන් තම රථ ධාවනය කිරීමට පටන්ගැණුනි. කෙසර ගොඩගේ හට පසුපස සිට තියුණු සටනක් ලබා දෙන දෙවින් සේරසිංහ, කේසරව පසු කිරීමට ගන්නා සෑම අවස්ථාවකම සුක්ෂම ලෙස මගහැර ඉදිරියට ඇදීයන අතර, එක් වංගුවකදී සිදුකරනා වැරදි විලාශයක් දෙවින් අධ්‍යයනය කරන ලදී.

ඒ වන විටත් ඉසව්වේ අවසන් වටයට අවතීර්ණ වී තිබු දෙවින්, තමන්ගේ උපරිමය ලබාගන්නට වේගය වැඩි කලේ අවසාන වංගුවේදී කේසර සිදුකරනා වැරදි ධාවන විලාශය නිසා දෙවින් ඉතා සුක්ෂම ලෙස තම ජියරය සිහින් මාරුවක් සිදු කරමින් කේසරව පසු කිරීමටයි.

දේවින්ගේ එම උපක්‍රමශීලී උත්සාහය සාර්ථක වුයේ නැරඹන්නන්ගේ අත්පොලසන් නාදය මද්‍යයෙයි. එය නැවත නැවතත් බලන්නට ආසා හිතෙනා ධාවනයකි. තරංගය දෙවින් ජයගත්තේ එම වසරේ ජාතික ශූරයා මෙන්ම, ක්‍රීඩා දිවියේ එම ඉසව්වේ අවසන් තරඟය තම සියලුම ප්‍රේක්ෂකයන්ට අමතක නොවනා මතකයක් ලෙස තිලින කරමිනි…

දෙවින් සේරසිංහට කිසි දිනෙක අමතක නොවන ඒ තරඟය නම් ඔහුට සුරගන කතාවකි…

Leave a comment

Creedanet