කෙන්යානු ලීග් තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්වෙයි.

කෙන්යාවේදී පැවැත්වෙන Nairobi Cricket League තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනකු එක්වන බවට කෙන්යානු ක්‍රිකට් නිළ ට්වීටර් ගිනුමෙහි හා නිළ වෙබ් අඩවියෙහි සදහන් කොට ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 6 දෙනෙකු මෙම තරගාවලියට එක්වීමට නියමිතය.

ඒ අතරට හිටපු විශිෂ්ට දගපන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් හා ප්‍රහාරාත්මක පිතිකරු චාමර කපුගෙදරද ඇතුළත්ය. ඔවුන් දෙදෙනා කණ්ඩායම් උපදේශකවරුන් ලෙසින් තරගාවලියට එක්වන අතර වේගපන්දු යවන ක්‍රීඩකයන් වන විකුම් සංජය හා ලහිරු ගමගේද උපදේශකයන් ලෙසින් තරගාවලියට එක්වන බව කෙන්යානු ක්‍රිකට් නිළ වෙබ් අඩවිය වාර්තා කොට ඇත

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හා ඔවුන්ට අදාළ කණ්ඩායම්

අජන්ත මෙන්ඩිස් – Kisumu Cranes.
චාමර කපුගෙදර – Mombasa Eagles
ගිහාන් රූපසිංහ – Nairobi Hornbills
විකුම් සංජය – Machakos Vultures
උදාර ජයසුන්දර – Nakuru Flamingoes
ලහිරු ගමගේ – Eldoret Hawks

තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 26වනද ආරම්භ කිරීමට නියමිත බවට කෙන්යානු ක්‍රිකට් නිළ වෙබ් අඩවිය වාර්තා කොට ඇත. තරගාවලියට කණ්ඩායම් හයක් ඇතුළත්ය

Leave a comment

Creedanet