කොවිඩ් අවධානම මධ්‍යයේ බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ඉදිරියට.

බංගලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ස්ථිර වශයෙන් තහවුරු කොට ඇත.
කොවිඩ් අවධානම හේතුවෙන් බංග්ලාදේශය සතියක පමණ කාලසීමාවකට සම්පූර්ණයෙන්ම වසා දැමුණි. මේ හේතුවෙන් බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් මෙරටට පැමිණීම අවිනිශ්චිත තත්වයක පැවතුනි.

කොවිඩ් ප්‍රොටෝකෝලය දැඩි නොකිරීමට ශ්‍රී ලංකාව එකග වී තිබීම හේතුවෙන් සැලසුම් කළ දිනයට බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතය. තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන අප්‍රේල් මස 21 වනදා ආරම්භ වීමට නියමිතය.

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 12වනදා ශ්‍රී ලංකාව බලා එරටින් පිටත් වීමට නියමිතය. තරගාවලිය පසුගිය ඔක්තෝබර් මසදී පැවැත්වීමට නියමිතව තිබූ අතර කොවිඩ් අවධානම හේතුවෙන් කල් දැමීමට සිදුවිය.

බංගලාදේශය තුළ කොවිඩ් අවධානම ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින 14ක නිරෝධනය ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළහ. නමුත් දෙරටෙහි ක්‍රිකට් ආයතන අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව එය දින තුනක් දක්වා අඩු කෙරිණි.

පසුගිය පස්වන(5) දින බංගලාදේශ ක්‍රිකට් මෙහෙයුම් දෙපාර්තමේන්තුවට ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින තුනක නිරෝධන කාල සීමාව ප්‍රමාණවත් බව සදහන් කොට ඇත

Leave a comment

Creeda Sports Network