චමින්ද වාස්ගෙන් ලද මග පෙන්වීමට චමීරගෙන් පැසසුම් !!!

වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායම සතු සාර්ථකම වේගපන්දු යවන්නා ලෙසින් දුෂ්මන්ත චමීර හැදින්විය. ඔහු පසුගිය තරගාවලි කිහිපය තුළදීම මනා පාලනයකින් යුතුව පන්දු යැවීමට සමත් විය. ඔහු වේගය දෝලනය යන සියල්ල උපයෝගී කරගනිමින් විශිෂ්ට ලෙසින් පන්දු යවන ආකාරය අවසන් වූ තරගාවලීන් කිහිපය තුළදී දැකගත හැකිවිය.

ඔහුගේ සාර්ථකත්වය උදෙසා වේගපන්දු යවන පුහුණුකරු චමින්ද වාස් මහතා විශාල කාර්‍යභාරයක් ඉටුකළ බව දුෂ්මන්ත චමීර සදහන් කොට ඇත. ඉන්දීය කණ්ඩායම සමගින් පැවති පළමු විස්සයි විස්ස තරගයේදී අඩු දළ ලකුණු වේගයක් සහිතව සිය පන්දුවාර නිමාකිරීමට චමින්ද වාස්ගෙන් ලද මග පෙන්වීම පිළිබදව දුෂ්මන්ත චමීර සිය ප්‍රශංසාව පළ කළේය.

” වාස් සෑමවිටම කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ට අවශ්‍ය මගපෙන්වීම ලබාදීල තියෙනවා. ඔහුගේ අත්දැකීම් අපි හැමෝටම වැදගත් යයි මම හිතනවා. නියමිත ස්ථානයට පන්දු යවන්නේ කෙසේද යන්න හා කඩුලු ලබාගන්නේ කෙසේද යන්න පිළිබදව ඔහු අපට පාඩම් කිහිපයක් උගන්වල තියෙනවා” යනුවෙන් දුෂ්මන්ත චමීර ප්‍රකාශ කොට ඇත

” ඉන්දීය කණ්ඩායම පාලනය කිරීමට මන්දගාමී පන්දු යෝකර් පන්දු වැනි වෙනස් ආකාරයේ පන්දු යොදාගැනීමට සිදුවුණා. එය මගේ සාර්ථකත්වයට ඉතා වැදගත් වුණා.”

Leave a comment

Creedanet