ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉවත් කිරීම ගැන ඩිල්ශාන් සහ සනත් අසතුටින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති වරයා ලෙස මීට සති කීපයකට ඉහතදී ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත් කිරීමෙන් අනතුරුව ඔහු ඇතුළු නව තේරීම කමිටුව පෙරළිකාර තීන්දු රැසක් ගනු ලැබුවා. එම තීරණ වලින් එක් තීරණයක් වූවේ ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සීමිත පන්දුවාර ක්‍රිකට් සංචිත වලින් ඉවත් කිරීමයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී අවසන් කළ බංග්ලාදේශ සංචාරයට නම් කළ සංචිතයට මෙන්ම එංගලන්ත සංචාරයට නම්කර ඇති මූලික සංචිතයටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළත් කර තිබුණේ නැහැ. මේ පිළිබඳව ඊයේ දිනයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවක දී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය, තිලකරත්න දිල්ශාන් සහ රසල් ආනල්ඩ් සිය අදහස් හුවමාරු කර ගනු ලැබුවා.

ඔවුන් සඳහන් කර සිටියේ සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කිරීමේ තීරණයට තමන් එකඟ නොවන බවයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කිරීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමේ සිටිය යුතුම බව සනත් සහ ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියා.

බංගලාදේශයට එරෙහි අවසන් තරඟය ජයග්‍රහණය කළත් කලත් සෙසු තරඟ දෙකේදීම ලකුණු දෙසිය පනහකට අඩු ඉලක්ක හඹා යාමට හැකි නොවීම අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කණ්ඩායමෙන් නොසිටීම නිසා සිදු වූ බව ඔවුන්ගේ අදහසයි.

විශේෂයෙන්ම ඩිල්ශාන් සිය අදහස් මෙලෙසින් ප්‍රකාශ කර සිටියා.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සියලු දෙනා ඉවත් කිරීමේ තීරණයට මම එකඟ නැහැ. විශේෂයෙන්ම ලෝක කුසලානයක් ලඟ තියලා ඒ වගේ තීරණයක් ගන්න එක සුදුසු නෑ. ඇන්ජෙලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න වගේ ක්‍රීඩකයෝ මැදපෙළ ශක්තිමත් කරන්න කණ්ඩායමේ සිටිය යුතුයි.

තිලකරත්න ඩිල්ශාන්

දැන් කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයොන්ගෙන් තරඟයක් අවසානාය තෙක් අරන් ගිහින් ජයග්‍රහණය කරවපු අය අඩුයි. ඇන්ජෙලෝ මේ ටිකේ අසාර්ථක වුණාට තරඟ ගණනාවක් අවසානය තෙක් අරගෙන ගිහින් ජයග්‍රහණය කරපු ක්‍රීඩකයෙක්. ඔවුන් කණ්ඩායමේ සිටිය යුතුයි.

තිලකරත්න ඩිල්ශාන්

මේ ආකාරයෙන් ඔවුන් සිය අදහස් හුවමාරු කරගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරුණ ක්‍රීඩකයින් පමණක් යෙදවීමේ තීරණය ද සහිතව එංගලන්ත සංචාරයට ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave a comment

Creedanet