ජුනි මස 14 වනදා සිට ඉන්දීය කණ්ඩායම නිරෝධායනයට!

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජූලි මස 13වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම මෙරටදී පුහුණු තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතය. එම තරග තුන ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයන් අතර පැවැත්වෙයි. ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන ඉන්දීය කණ්ඩායම එළඹෙන ජුනි මස 14වනදා සිට නිරෝධනය ක්‍රියාවලියට එක්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.

” ඉන්දියාවට අවශ්‍ය වුනේ ශ්‍රී ලංකා A කණ්ඩායම හෝ ඒ වෙනුවෙන් සූදානම් වන කණ්ඩායමක් සමගින් පුහුණු තරග පවත්වන්න. නමුත් කොවිඩ් අවධානම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා සංචිතය අතර පුහුණු තරග පවත්වන්න කියලා. අන්තර් සංචිත පුහුණු තරග තුන අතරට එක්දින තරග ද්විත්වයක් හා එක් විස්සයි විස්ස තරගයක් ඇතුළත්.”

” ඉන්දීය කණ්ඩායම දින 14ක කාලසීමාවක් නිරෝධායනයට ලක් වනවා. ඉන් පළමු දින හත තුළදී ක්‍රීඩකයන් පූර්ණ වශයෙන් නිරෝධනය ලක්විය යුතුයි. මීළග දින හත තුළදී ඔවුනට ගෘහස්ථ පුහුණුවීම් වල නිරත වෙන්න පුලුවන්. ඉන්දීය කණ්ඩායම කොළඹට ලගාවීමෙන් අනතුරුව පළමු දින තුන පූර්ණ වශයෙන් නිරෝධනයට ලක්විය යුතුයි. ජූලි මස 4වනදා නිරෝධන කටයුතු අවසන් වීමෙන් අනතුරුව ඔවුනට සාමාන්‍ය පරිදි පුහුණුවීම් සිදු කළ හැකියි.” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.

Author – Chathura Ramanayake

‘Featured Image – Getty Images

Leave a comment

Creedanet