තරග හයකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට ජූලි මාසයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට ?

COVID 19 වසංගතය ලොව පුරා ව්‍යාප්ත වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහ ඒ ඒ රටවල් වල ක්‍රිකට් පාලක මණ්ඩල විසින් සියලුම ජාත්‍යන්තර තරඟ සහ දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයකින් තොරව කල් දමනු ලැබුවා.

මේ නිසා මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට සජීවී ක්‍රිකට් තරගයක අත්දැකීම විඳ ගන්නට ලැබුණේ නැහැ.

කෙසේ නමුත් ක්‍රිකට් පිපාසාවෙන් පෙළෙන ශ්‍රී ලාංකික සහ ඉන්දියානු ක්‍රීඩා ලෝලීන්ට නිල නොවෙන සුබ ආරංචියක් අද දිනයේ දී දැන ගන්නට ලැබෙනවා.

Hindustan Times පුවත් පත උපුටා දක්වමින් Newswire.lk වෙබ් අඩවිය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ හයකින් සමන්විත සීමිත පන්දුවාර තරගාවලියක් වෙනුවෙන්, ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාව වෙත එවීමට තමන්ට හැකියාව පවතින බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළ බවයි.

Source – www.circleofcricket.com

ඒ අනුව එළඹෙන ජූලි මාසයේ තරඟ හයකින් සමන්විත ඒ සීමිත පන්දුවාර තරගාවලියක් වෙනුවෙන් ඉන්දියානු කණ්ඩායම මෙරටට පැමිණීමට ඉඩක් පවතින බවත් තරගාවලිය එක්දින තරග 3කින් සහ T20 තරග 3කින් සමන්විත තරග 6ක තරගාවලියක් ලෙස පැවැත්වීමට සූදානම් වන බවත් Newswire.lk වෙබ් අඩවිය සඳහන් කරන කර තිබෙනවා.

කෙසේ නමුත් මේ පිළිබඳව තවමත් නිල දැනුම් දීමක් ඒ සිදු කර නොමැති අතර, මේ තරගාවලියට ඉන්දියානු කණ්ඩායම සහභාගි වනවාද නැද්ද යන්න ඉන්දියානු රජය විසින් COVID 19 වෛරස ව්‍යාප්තියට අදාළ නීති රීති ලිහිල් කිරීම මත රඳා පවතින බව ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ භාණ්ඩාගාරික Arun Dhumal ඒ මහතා සඳහන් කර තිබෙනවා.

රජය විසින් ආරක්ෂක නීති රීති ලිහිල් කරනවා නම්, ඉන්දියානු ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවට සහ සෞඛ්‍යයට හානියක් නොවෙන හිතකර වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ පවතිනවා නම්, තරගාවලිය වෙනුවෙන් ඉන්දියානු කණ්ඩායම මෙරටට එවීමට තමන් සූදානම් බව ඒ මහතා තව දුරටත් සඳහන් කර තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සඳහන් කිරීම සිදු කර ඇත්තේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සහ තරග තුනකින් සමන්විත T20 තරගාවලියක් ඉන්දියානු කණ්ඩායම සමඟ මෙරටේදී පැවැතවීමට ශ්‍රී ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු කළ සිදු කළ දැනුම්දීමකට පිළිතුරු ලෙසයි.

නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිල දැනුම් දැනුම් දීමක් සිදු කරන නැහැ.

Source – Newswire.lk

Leave a comment

Creedanet