දකුණු අප්‍රිකාවට ඉනිමක ජයක්!

සංචාරක දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ඉනිමක ජයක් වාර්තා කිරීමට අද දින දකුණු අප්‍රිකාව සමත් වුනා.

පළමු ඉනිමට ලකුණු 97ක් පමණක් රැස් කල කොදෙව්වන්ට එරෙහිව දකුණු අප්‍රිකානුවන් ලකුණු 322ක් රැස් කලේ ඔවුන්ට වඩා ලකුණු 225ක් ඉදිරියෙන් සිටිමිනුයි. Quintan De Kock ගේ විශිෂ්ට ශතකයෙන් සවිමත් වූ දකුණු අප්‍රිකානු ඉනිම නිසා කොදෙව්වන්ට තරඟයේ රැඳී සිටීමට නම් සටන්කාමී දෙවන ඉනිමක් අවශ්‍ය වුනා.

නමුත් දෙවන ඉනිමේදී ක්‍රියාත්මක වූ Kagiso Rabada ගේ පන්දුව කොදෙව් ඉනිම විනාශ කර දමන්නට සමත් වූවා. හුදෙකලා සටනක නිරත වූ Rostan Chase විසින් ලකුණු 62ක් රැස් කලත් වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව වෙත ළඟා වීමට Rabada ඇතුළු දකුණු අප්‍රිකා පන්දු යැවීමේ බලඇණිය ඉඩ ලබා දුන්නේ නැත.

කොදෙව් දෙවන ඉනිම ලකුණු 162 කට සීමා වුයේ දකුණු අප්‍රිකාවට පළමු ටෙස්ට් තරඟයෙන් ඉනිමක සහ ලකුණු 63 ක විශිෂ්ට ජයක් සනිටුහන් කරමිනුයි. මෙහිදී දකුණු අප්‍රිකා මුල් ඉනිමේ විශිෂ්ට ශතකයක් රැස්කර ගත් Quintan De Kock හට තරඟයේ වීරයා සම්මානය හිමි වුනා.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම 97-10 (40.5)

Jason Holder 20(41) Shai Hope 15(32)

Lungi Ngidi 19/5 Anrich Nortje 35/4

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 322-10 (96.5)

Quintan De Kock 141(170)* Aiden Markram 60(110)

Jason Holder 75/4 Jayden Seals 75/3

බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිම 162-10 (64)

Rostan Chase 62(156) Kieron Powell 14(33)

Kagiso Rabada 34/5 Anrich Nortje 46/3

Featured Image – Mykhel

Leave a comment

Creedanet