දික්වැල්ල හෙට ක්‍රීඩා කිරීමට නියමිතයි. – ග්‍රාන්ට් ෆ්ලවර්.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3කින් තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරගය හෙට දිනයේ දී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට තරගාවලියේ මෙතෙක් පැවති තරග දෙකම ජයග්‍රහණය කළ බංග්ලාදේශය මේ වන විට 2-0ක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

ඒ අනුව 3-0ක තරගාවලි පරාජයකින් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළ යුතු වනවා. මේ අතරවාරයේ අද දිනයේ දී කෙටි මාධ්‍ය හමුවකට සහභාගී වුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතා සඳහන් කර තිබෙන්නේ හෙට දිනයේදී කණ්ඩායමේ වෙනස්කම් සිදුවිය හැකි බවයි.

ඒ අනුව හෙට දිනයේදී නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිත බවත් ඔහු කඩුලු රකින ක්‍රීඩකයාගේ භූමිකාව සිදු කිරීමට නියමිත බවත් පිතිකරණ පුහුණුකාරවරයා සඳහන් කර තිබෙනවා.

හෙට දිනයේදී දික්වැල්ල කණ්ඩායමට පැමිණෙන විට ඒ වෙනුවට වෙනත් විත්තිකරුවකුට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති. බොහෝවිට පැතුම් නිස්සංක ට හෝ අශේන් බණ්ඩාරට කණ්ඩායමේ ස්ථානය අහිමි වනු ඇති.

Leave a comment

Creedanet