නවසීලන්තය ටෙස්ට් තරඟ ජයග්‍රහණය අභිමුව!

එංගලන්ත නවසීලන්ත දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය නවසීලන්ත ජයග්‍රහණයට එක් පියවරක් මෙපිටින් ඊයේ දිනයේදී තරඟය නවත්වනු ලැබුවා. එහිදී තම දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ලබාගෙන සිටියා.

තරඟයේ තෙවන දිනයේදී පන්දුවට පහර දීමට පැමිණි නවසීලන්ත පළමු ඉනිම ලකුණු 388 කට සීමා වුණෙ එංගලන්ත පළමු ඉනිමට වඩා ඔවුන් ලකුණු 85ක් ඉදිරියට රැගෙන එමිනුයි. නවසීලන්ත ක්‍රීඩක Ross Taylor විසින් අද දිනයේදී ලකුණු 80 කට දැවී ගියා.

කෙසේ වෙතත් තම දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්ත කණ්ඩායම නවසීලන්ත වේග පන්දු යවන්නන් හමුවේ අතිශය අසරණ තත්ත්වයට පත්වන අයුරු දක්නට ලැබුණා. එංගලන්තය වෙනුවෙන් දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 29ක් රැස් කල Mark Wood. එංගලන්ත මුල් පෙල කඩුලු සියල්ලම ඉක්මනින් දැවී යාම ඔවුන්ගෙන් තරඟය දුරස් කලා.

මේ වන විට නවසීලන්තයට වඩා ලකුණු 37ක් ඉදිරියෙන් සිටින එංගලන්තය සතුව ඇත්තේ එක් කඩුල්ලක් පමණය. නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී ඉක්මනින්ම තරඟය අවසන් කිරීමට හැකි වනු ඇත.

තරඟයේ කෙටි ලකුණු පුවරුව

එංගලන්තය පළමු ඉනිම 303-10 (101)

Daniel Lawrence 81(124)* Rory Burns 81(187)

Trent Boult 85/4 Matt Henry 78/3

නවසීලන්තය පළමු ඉනිම 388-10 (119.1)

Will Young 82(204) Ross Taylor 80(139)

Stuart Broad 48/4 Mark Wood 85/2

එංගලන්තය දෙවන ඉනිම 122-9 (42)

Mark Wood 29(38) Ollie Pope 23(20)

Neil Wagner 18/3 Matt Henry 36/3

Featured Image – ESPNCricinfo

Leave a comment

Creedanet