පළමු තරගයෙන් සත්කාරක ඕමානයට පහසු ජයක් !!!

හත්වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ පළමු තරගය අද දිනයේදී පැවැත්විණි. B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයට එක්වූයෙ සත්කාරක ඕමාන කණ්ඩායම හා පැපුවා නිව්ගිනියා කන්ඩායමයි.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඕමාමය පළමුව පන්දු යැවීමට තීරණය කළහ. ඕමානයේ ආරාධනයෙන් පිටියට පිවිසි පැපුවා නිව්ගිනියා ආරම්භක පිතිකරු යුගලයම ලකුණු නොලබා දැවීගියේය. අනතුරුව නායක අසාඩ් වාලා හා චාල්ස් අමිනි තෙවන කඩුල්ලට ලකුණු 81ක් එක් කළහ.

නායක අසාඩ් වාලා පන්දු 43කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමගින් ලකුණු 56ක් රැස්කලේය. චාල්ස් අමිනි පන්දු 26කදී ලකුණු 37ක් රැස්කළේය. පැපුවා නිව්ගිනියා පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වීම් හමුවේ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 129ක් පමනි. පන්දු යැවීමේදී ඕමානය වෙනුවෙන් සීෂාන් මසූඩ් ලකුණු 20ට කඩුලු 4ක් බිදහෙලීය.

ඉලක්කය හබායාමට පිටියට පිවිසි ඕමාන ආරම්භක පිතිකරු යුගලය පැපුවා නිව්ගිනියා පන්දු යවන්නගෙන් තරගයේ පාලනය සියතට ගැනීමට සමත් විය. පන්දුවාර 13 පන්දු 4කදී තරගය නිමාකරන්නට ඔවුන් දෙදෙනා සමත් විය. වේගවත් ඉනීමක් ක්‍රීඩා කළ ජතීන්දර් සිං පන්දු 42කදී හතරේ පහර 7ක් හා හයේ පහර 4සමගින් වේගවත් ලකුණු 73ක් නොදැවී රැස්කළේය. අකිබ් ඉයාස් පන්දු 43කදී නොදැවී ලකුණු 50ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව පළමු තරගයෙන්ම කඩුලු 10ක ජයක් ඕමානය සතු විය.

සාරාංශය

PNG 129 for 9 (Vala 56, Amini 37, Bilal 2-16, Kaleemullah 2-19, Maqsood 4-20)

Oman 131 for no loss (Ilyas 50*, Jatinder 73*)

Leave a comment

Creedanet