පළමු තරගයේ ජය පාකිස්තානයට !!

ඊයේ දිනයේ (21) ආරම්භ වූ තරග තුනකින් සමන්විත පකිස්තාන සිම්බාබ්වේ විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ ජය ලැබීමට ප්‍රභල පාකිස්තානු කණ්ඩායමට හැකිවිය. ඔවුන් එම තරගය ලකුණු 11 කින් ජයග්‍රහණය කරන ලදි. තරගය පැවැත්වූයේ සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගනයේදීය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සංචාරක පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 149 ක් රැස්කිරීමට සමත්විය. විශිෂ්ඨ පිතිහරඹයක නියැලුනු කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් පන්දු 61 කදී වේගවත් ලකුණු 82 ක් නොදැවී ලබාගන්නා ලදි.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 138ක් පමණි. පන්දු යැවීමේදී පකිස්තානු ක්‍රීඩක උස්මාන් කාදර් කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ පාකිස්තානු ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් හටයි. දෙරට අතර දෙවැනි විස්සයි විස්ස තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය.

තරග සාරාංශය

පකිස්තානය 149/7(20)
Mohommed Rizwan 82*, Danish Aziz 15, Fakhar Zaman 13.
Wesley Madhevere 2/11, Luke Jongwe 2/24.

සිම්බාබ්වේ 138/7(20)
Craig Ervine 34, Luke Jongwe 30*, Tinashe Kamunhukamwe 29.
Usman Qadir 3/29, Muhammad Hasnain 2/27.

Leave a comment

Creedanet