ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය කල් යයි !!!

මැයි මස 17 වන දින පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සතියක කාලයකට කල් දමා ඇති බවට විදෙස් ආරංචි මාර්ග සැලකර සිටිනවා. ඊට හේතු වී ඇත්තේ ප්‍රංශයේ මේ වනවිට පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තියයි.

ප්‍රංශ බලධාරීන් මෙම තීරණය ගනු ලැබූ බදාදා දිනය වනවිට එරට සෞඛ්‍ය අංශ සදහන් කරනු ලබන පරිදි ප්‍රංශයේ දැඩි සත්කාර ඒකක තුල පමණක් ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5729 කි. මෙය එරට මුහුණු පෑ කොවිඩ් පළමු රැල්ලට පසු මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි.

කෙසේනමුත් මේ සියලු බාධක මධ්‍යයේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය මැයි මස 24 වනදින ආරම්භ වීමට නියමිතයි. 2020 වසරේ පැවති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි අංශයේ ජය ස්පාඤ්ඤයේ රාෆායල් නඩාල් හිමිකරගත් අතර කාන්තා අංශයේ ජය ලැබීමට පෝලන්තයේ ඊගා ස්වියාටෙක් සමත්විය .

Leave a comment

Creedanet