ප්‍රභල Arsenal පිල පරදවා Villarreal ක්‍රීඩකයන් ජයගනියි !!!

ඊයේ දිනයේ යුරෝපා ලීග් තරගාවලියේ තවත් අවසන් පූර්ව තරගයක් පැවැත්විණි. ඒ ආසනල් කණ්ඩායම හා විලාරියල් කණ්ඩායම අතරයි. පළමු අදියරේ අවසන් පූර්ව තරගයක් ලෙස පැවැත්වූ මෙම තරගයෙන් ජය ගැනීමට විලාරියල් කණ්ඩායම සමත්විය.

තරගයේ 5′ වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ විලාරියල් ක්‍රීඩක Manu Trigueros ගෝලයක් වාර්තා කරන ලදි. ඒ අර්ධයේදී ක්‍රියාත්මක වූ එම කණ්ඩායමේම Raul Albiol තවත් ගෝලයක් වාර්තා කරන ලදි. ප්‍රථම අර්ධය ගෝල 2-0 ලෙස විලාරියල් කණ්ඩායම පෙරමුණේ තබමින් අවසන් වූ අතර දෙවන අර්ධයේදී වාර්තා වූයේ එකම ගෝලයක් පමණි. ඒ ආසනල් පිලෙහි Nicolas pepe ලබාගත් ගෝලයයි.

ඒ අනුව තරගය 2-1 ලෙස ස්පාඤ්ඤයේ විලාරියල් කණ්ඩායමට ජයහිමිකර දෙමින් අවසන් විය. තරගය පැවැත්වූයේ ස්පාඤ්ඤයේ Estadio de la Ceramica ක්‍රීඩාංගනයේදීයි. දෙපිල අතර දෙවන අදියරේ අවසන් පූර්ව තරගය මැයි මස 7 වන සිකුරාදා පැවැත්වීමට නියමිතය.

Leave a comment

Creedanet