බංගලාදේශය වෙනුවෙන් මුෂ්ෆිකර් රහීම්ගේ පිත්ත ඩොලර් 20000කට මිලදී ගත් ශහීඩ් අෆ්රිඩී!

2013 වර්ෂයේදී බංගලාදේශ කණ්ඩායම තරග දෙකකින් යුතු ටෙස්ට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට පැමිණියා.

තම කණ්ඩායම මෙවර ශ්‍රී ලංකාවට පැමිණියේ එදා මෙදාතුර බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් ක්‍රිකට් පිටියේ බංගලදේශය වාර්ථා කළ ඉහළම ලකුණු පුවරුවත්, බංගලාදේශ ක්‍රීඩකයෙකු වාර්ථා කළ ප්‍රථම ටෙස්ට් ද්විත්ව ශතකයත් මෙරට තුළ සටහන් කිරීමට බව ඔවුන් කිසිදා අපේක්ෂා නොකරන්නට ඇති.

ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී තරගාවලියට අදාලව දෙරට අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 4ක් පමණක් දැවී 570ක දැවැන්ත ඉලක්කයක් බංගලාදේශ කණ්ඩායමට ලබා දීමට සමත් වුණා.

සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ මුල් පිතිකරුවන් දෙදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී සුපුරුදු පරාජයක සලකුණු බංගලාදේශ කණ්ඩායට දැනෙන්නට පටන්ගෙන තිබුණා.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මවිතයට පත් කරමින් ලකුණු 267ක සම්බන්ධතාවක් සමගින් බංගලාදේශය පරාජයෙන් මුදවාගත් මොහොමඩ් අශ්රාෆුල් සහ මුෂ්ෆිකර් රහීම් ක්‍රමයෙන් ලකුණු පුවරුව ඉහළ නංවමින් සිටියා.

Source – www.indiatoday.in

සිට ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිදා ටෙස්ට් ද්විත්ව ශතකයක පහස නොලැබූ බංගලාදේශය වෙනුවෙන් වාර්තා වන ප්‍ර‍ථම ටෙස්ට් ද්විත්ව ශතකය තමන්ගේ නමින් ලියන්නට ඔන්න මෙන්න තිබියදී ලකුණු 190ක් ලබාසිටි මොහොමඩ් අශරාෆුල් දැවී ගියේ සුවහසක් බංගලාදේශ ක්‍රීඩා ලෝලීන් කම්පාවට පත් කරමින්.

එතැන් සිට අශරාෆුල්ට මගහැරුණු ද්විත්ව ශතකය කෙසේ හෝ සිය රට වෙනුවෙන් රැස් කිරීමට අධිෂ්ඨාන කරගත් මුෂ්ෆිකර් රහීම් එදා මෙදා තුර බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු ප්‍රථම ටෙස්ට් ද්විත්ව ශතකට තමන්ගේ නමින් ලියන්නට සමත් වුණා.

Source – timesofindia.indiatimes.com

මුෂ්ෆිකර්ගේ ද්විත්ව ශතකයේ අනුහසින් බංගලාදේශය මෙතෙක් ටෙස්ට් පිටිය තුළ වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 638ක ලකුණු සංඛ්‍යාව වාර්ථා කරන්නට බංගලාදේශය සමත් වුණා.

කෙසේ නමුත් වසර 7කට ඉහතදී තමන්ට සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අමතකම නොවන ද්විත්ව ශකතයකින් හැඩවුණු ඉනිම ගොඩනගන්නට උපකාරීවුණු ක්‍රිකට් පිත්ත වෙන්දසි කරන්නට මීස මාසයකට ඉහතදී මුෂ්ෆිකර් රහීම් තීරණය කළා. ඒ COVID 19 වසංගතයෙන් විපතට පත් සිට රට වෙනුවෙන් ආධාර එකතු කිරීමට.

කෙසේ නමුත් මිල කළ නොහැකි මේ ක්‍රිකට් පිත්ත අමරිකානු ඩොලර් 20000කට මුදලකට වෙන්දේසි වී තිබුණා. ක්‍රිකට් ලෝකයම මවිතයට පත් කරමින් මුෂ්ෆිකර් ද්විත්ව ශතකය වාර්තා කළ පිත්ත මිලදී ගෙන තිබුණේ පාකිස්ථාන කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශාහිඩ් අෆ්රිඩි.

Source – www.crictracker.com

COVID 19 වසංගතය නිසා විපතට පත් බංගලාදේශ ජනතාව වෙනුවෙන් මේ ක්‍රීඩකයින් දෙදෙනාම සිදුකළ පරිත්‍යාගය මිළ කල නොහැකි පරිත්‍යාගයක්.

කෙසේ නමුත් දශක කිහිපයකට ඉහතදී එකිනෙකාට විරුද්ධව යුධ වැදුණු රටවල් දෙකක් වුණු බංගලාදේශය සහ පාකිස්ථානය යුද්ධය අවසානයෙන් පසු දෙරට අතර ගොඩනගමින් සිටි සම්බන්දතාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට අෆ්රිඩීගේ මේ වටිනා පරිත්‍යාගය ඉවහල් වූ බව නම් සදහන් කළ යුතුමයි.

Source – www.pkhype.com

Leave a comment

Creedanet