බැංගලෝරයට අවමන් සහගත පරාජයක් !!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාත්‍රියේදී පැවතියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය පළමු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගයට ක්‍රීඩා කළේය.

බැංගලෝර් කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වූයේ නායක විරාට් කෝලි ලකුණු 5කදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. එතැන් පටන් බැංගලෝර් පිතිකරුවන්ට හිස ඔසවන්නට කොල්කටා පන්දු යවන්නන් ඉඩ නොතැබීය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු දේව්දත් පඩික්කාල් පන්දු 20කදී ලකුණු 22ක් රැස්කළේය. සුපිරි පිතිකරු ඒ බී ඩිවිලියස් පළමු පන්දුවේදීම දවාගැනීමට ඇන්ඩ්‍ර රසෙල් ඊයේ දිනයේදී සමත් විය.

ග්ලෙන් මැක්ස්වෙල්ටද ඊයේ දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 10ක් පමණි. වනිදු හසරංග මුහුණ දුන් පළමු පන්දුවේදීම කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට වරුන් චක්‍රවර්තී සමත් විය. පිතිකරුවන් දෙදෙනෙකු පමණක් ලකුණු 15 සීමාව පසු කරද්දී පන්දුවාර 19ක් තුළ බැංගලෝර් ඉනීම ලකුණු 92කට සීමා විය. පන්දු යැවීමේදී කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩ්‍ර රසෙල් හා වරුන් චක්‍රවර්තී කඩුලු 3 බැගින් බිදහෙලන්නට සමත් විය.

පහසු ඉලක්කය හබායාමට පිටියට පිවිසි කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්හ. සුබ්මන් ගිල් හා වෙන්කටේෂ් අයියර් එක්ව පළමු කඩුල්ලට ලකුණු 82ක් එක්කරන්නට සමත් විය. ඉනීමේ දැවී ගිය එකම කඩුල්ල බවට පත් වූ සුබ්මන් ගිල් පන්දු 34කදී ලකුණු 48ක් රැස්කිරීමට සමත් විය. පන්දුවාර 10ක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ලීමට සමත් විය. නොදැවුනු ඉනීමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 27කදී නොදැවුනු ලකුණු 41ක් රැස්කළේය.

සාරාංශය

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් : 92-10 (19.0)
දේව්දත් පඩික්කාල් 22(20), ස්‍රීකර් භාරත් 16(19)
ඇන්ඩ්‍ර රසෙල් 3/9, වරුන් චක්‍රවර්තී 3/13, ලොකී ෆර්ගසන් 2/24

කොල්කටා නයිට්රයිඩර්ස් : 94-1 (10.0)
සුබ්මන් ගිල් 48(34), වෙන්කටේෂ් අයියර්* 41(27)
යුෂ්වේන්ද්‍රන් චහල් 1/23

Leave a comment

Creedanet