මම ශ්‍රී ලංකා තරඟ සංචාරය පිළිබඳව අතිශය උද්‍යෝගයෙන් පසු වනවා – Chahal

ඉන්දීය කණ්ඩායම එළඹෙන ජූලි මාසයේදී විස්සයි විස්ස තරඟ තුනකට සහ එක්දින තරඟ තුනකට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත වනවා. තරඟාවලිය එළඹෙන ජූලි මස 18 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙකී තරඟාවලිය ඉන්දීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් තොර නවක ක්‍රීඩකයන් බහුල කණ්ඩායමක් ලෙසටයි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කලේ.

මෙකී තරඟාවලිය පිළිබඳව තමා ඉතාමත්ම උද්‍යෝගයෙන් පසුවන බවට ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක Yuzvendra Chahal ප්‍රකාශ කොට සිටිනවා. එයට හේතුව වන්නේ වර්තමානයේදී ඔහු රිද්මයෙන් බැහැරව සිටින බවට සමහරුන් චෝදනා කිරීමයි. ඔහු මේ සම්බන්ධයෙන් Times Of India සමගින් අදහස් දැක්වූවා.

“තරඟ දෙක තුනක කඩුලු දවා ගැනීමට නොහැකි වූවා සමානයි මගේ රිද්මය බිඳ වැටිලා කියලා කිසිවෙකුටත් චෝදනා කිරීමට නොහැකියි. සමහර වෙලාවට සීමිත පන්දුවාර තරඟ වලදී වැදගත් වෙන්නේ කඩුලු දවා ගැනීම නොවෙයි. අවශ්‍ය විදිහට ලකුණු ලබා නොදී අඩු ලකුණු සංඛ්‍යාවකින් ඔබගේ පන්දුවාර ගණන අවසන් කිරීමයි”

“මට චෝදනා කරන බොහොමයක් දෙනෙක් දන්නේ නෑ මම මේ තත්ත්වයට පැමිණෙන්නට කෙතරම් මහන්සියක් වුණාද කියලා. මම කඩුලු ලබාගෙන ප්‍රේක්ෂකයන්ව දිනා ගත්තා. ඔවුන් මට ප්‍රසාදය පල කලා. නමුත් කඩුලු ලබා නොගෙන තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමේදී ඔවුන් මං ගැන කලකිරීමට පත් වෙලා තියෙනවා. මම ඇත්තටම මගේ රිද්මයෙන් ගිලිහිලා නෑ.”

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරඟාවලිය සම්බන්ධයෙනුත් තමන්ගේ දඟ පන්දු යවන සහකරු Kuldeep Yadev සම්බන්ධයෙනුත් Chahal වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කලා.

“Kuldeep සහ මම තරඟ ගණනාවක් ඉතාමත්ම හොඳින් පන්දු යැව්වා. ඔවුන් අපිව හැඳින්වූයේ Kul-Cha කියායි.මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා සංචාරයට Kuldeep ගේ නමත් අනිවාර්යයෙන්ම ඇතුලත් වෙයි කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තරඟ සංචාරය කෙරෙහි මම ඉතාමත්ම උනන්දුවෙන් පසු වන්නේ. අපිට ඇති තරම් දක්ෂ ක්‍රීඩකයො ඉන්නවා. අවශ්‍ය නම් රටවල් 3 කට A B C ලෙසින් කණ්ඩායම් 3ක් වුවත් යොමු කරන්න ප්‍රශ්නයක් නෑ. ශ්‍රී ලංකාවේ තණතීරු දඟ පන්දුවට ඉතාමත් උචිතයි.මම නොයිවසිල්ලෙන් පසුවන්නේ”

Featured Image – SportsKeeda

Leave a comment

Creedanet