මහේල ජයවර්ධනට ජාතික කණ්ඩායමේ ප්‍රධාන වගකීමක් ?

ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් අනතුරුව හිටපු ශ්‍රි ලංකා නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ පුහුණු කාර්‍යමණ්ඩලයට එක් කොට ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අවදානය යොමු කොට ඇති බවට The Island පුවත්පත වාර්තා කොට ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව මිකී ආතර්ගේ ධූර කාලය අවසන් වන අතර ඉන් පසුව ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුර මහේල ජයවර්ධන වෙත ලබා දීම කෙරෙහි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අවදානය යොමු කොට ඇත.

ඉදිරි වසර 2ක කාලසීමාව වෙනුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක වශයෙන් මහේල ජයවර්ධන එක් කොට ගැනීමට යෝජනා වී ඇති බවට ක්‍රීඩා ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සදහන් කොට ඇත. මෙම කාල සීමාව තුළ ශ්‍රි ලංකා A කණ්ඩායම හා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් මෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා සදර්න් බ්‍රේව් කණ්ඩායම සමගින් ෆ්‍රැන්චයිස් ක්‍රීඩාව වෙත යොමු වීමේ අවකාශයද මහේලට හිමිවනු ඇතැයි වාර්තා වෙයි.

මහේල ජයවර්ධන මහතා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන්ද මේ වන විට සැලස්මක් සකස් කරමින් සිටින ශ්‍රි ලංකා යොවුන් කණ්ඩායම පසුගියදා බංග්ලාදේශය තරග 5-0ක් ලෙසින් පරාජයට පත් කිරීමටද සමත් විය. මහේල ජයවර්ධන මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් කමිටුව වෙත සදහන් කොට ඇත්තේ යොවුන් කණ්ඩායම් හා A කණ්ඩායම සංවර්ධනය කිරීම වැදගත් බවයි. ශ්‍රි ලංකා හිටපු ක්‍රීඩක රොෂාන් මහානාම ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කිරීමට සූදානම් වුවද ඔහු වෙනුවට හිටපු ශ්‍රි ලංකා පුහුණුකරු ටොම් මූඩි යළිත් ප්‍රධාන පුහුණුකරු වශයෙන් පත් කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

Leave a comment

Creedanet