මාලිගේ වාර්තාව ශකිබ්ගේ නමට !!

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වන්නට ශකිබ් අල් හසන් සමත් විය. ස්කොට්ලන්තයට එරෙහි පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කඩුලු 2ක් දවාගනිමින් වැඩිම කඩුලු වාර්තාව තමා සතුකරගන්නට ශකිබ් අල් හසන් සමත් විය.

මින් පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ ලසිත් මාලිංග කඩුලු 107ක් දවාගෙන තිබුණි. අද දිනයේදී ලද කඩුලු 2කද සමගින් ශකිබ් අල් හසන් ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 108ක් සිය නාමය ඉදිරියේ සටහන් කරගත්තේ තරග 89කට ක්‍රීඩා කරමිනි.

ශකිබ් අල් හසන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරෙහි පෙරමුණේ රැදී සිටියි. ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1000ක් රැස්කළ හා කඩුලු 100ක් දවාගත් එකම ක්‍රීඩකයා වනුයේද ශකිබ් අල් හසන්ය.

ජාත්‍යන්තර විස්සයි විස්ස වැඩිම කඩුලු ලාභීන්

PlayerInnsWktsBBIAveEcon
Shakib Al Hasan (BDESH)881085/2020.466.70
SL Malinga (SL)831075/620.797.42
TG Southee (NZ)81995/1825.178.39
Shahid Afridi (ICC/PAK)97984/1124.446.63
Rashid Khan (AFG/ICC)51955/312.636.21
Umar Gul (PAK)60855/616.977.19
Saeed Ajmal (PAK)63854/1917.836.36
Mustafizur Rahman (BDESH)53765/2218.967.48
GH Dockrell (IRE)73764/2021.607.12
DJ Bravo (WI)73764/1924.988.08
IS Sodhi (NZ)55734/2821.728.07
CJ Jordan (ENG)64734/627.178.70
Mohammad Nabi (AFG)80724/1027.007.20
BAW Mendis (SL)39666/814.426.45
Seats Source : espncricinfo

Leave a comment

Creedanet