මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට පහසු ජයක් !!

යුරෝපා ලීග් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ අනුව පැවති Manchester United කණ්ඩායම හා Roma කණ්ඩායම අතර වූ තරගයෙන් ගෝල 6-2 ක් ලෙස පහසු ජයක් ලැබීමට Manchester United කණ්ඩායමට හැකිවිය. තරගය පැවැත්වූයේ Old Trafford ක්‍රීඩාංගනයේදීය.

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය දඩුවම් පහරක් මගින් වාර්තා කිරීමට Bruno fernandes ට හැකිවිය. තරගයේ 15′ වන මිනිත්තුවේදී රෝමා කණ්ඩායමේ Pellegrini විසින් දඩුවම් පහරක් මගින් ගෝලයක් රැස්කරන ලදි. ඒ අර්ධයේදීම රෝමා කණ්ඩායමේ E.Dzeko විසින්ද ගෝලයක් වාර්තා කරන ලදි. ඒ අනුව පළමු අර්ධය නිමාව දුටුවේ 2- 1 ලෙස රෝමා කණ්ඩායම පෙරමුණේ තබමිනි.

දෙවැනි අර්ධයේ සටන්කාමී තරග රටාවක නියැලුනු මැන්චෙස්ටර් යුනයිටඩ් පිල තම ගෝල දඩයම ඇරඹූ අතර දෙවැනි අර්ධය ආරම්භයේදීම ක්‍රියාත්මක වූ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ Cavani 48′ වන මිනිත්තුවේදී ගෝලයක් රැස්කරන ලදි. එම උරුගුවේ ජාතික ක්‍රීඩකයාම නැවත වරක් 64′ මිනිත්තුවේදී ගෝලයක් රැස්කරන ලදි.

ඉන්පසු මැන්චෙස්ටර් ක්‍රීඩක Paul Pogba 75′ වන මිනිත්තුවේදීද Mason Greenwood 86′ වන මිනිත්තුවේදීද ගෝල රැස්කිරීමට සමත්විය. Bruno fernandes විසින් නැවතත් වරක් දඩුවම් පහරක් මගින් ගෝලයක් රැස්කරන ලදි. තරග කාලය අවසන් වන විට මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම 6-2 ක් ලෙස ගෝල ලබා තරගයේ ජයග්‍රහණය සියතට ගෙන තිබුනි.

ඒ අනුව අවසන් පූර්ව තරගයේ පළමු අදියර මැන්චෙස්ටර් යුනයිටඩ් පිල ජයගත් අතර දෙවන අදියරේ අවසන් පූර්ව තරගය මැයි මස 7 වන දින පැවැත්වීමට නියමිතය.

Leave a comment

Creedanet