මැන්චෙස්ටර් යුනයිටඩ් පිල යුරෝපා ලීග් අවසන් වටයට !!

ඊයේ දිනයේදී යුරෝපා ලීග් පාපන්දු තරගාවලියේ දෙවන අදියරේ අවසන් පූර්ව තරග දෙක පැවැත්විණි. ඉන් පළමු තරගය පැවැත්වූයේ Manchester United කණ්ඩායම හා Roma කණ්ඩායම අතරයි. එම තරගය 3-2 ක් ලෙස ජයගැනීමට Roma කණ්ඩායම සමත්වූවද පළමු අදියරේ තරගයෙන් ඔවුන් 6-2 ක් ලෙස පරාජය වූ බැවින් ගෝල 8-5 ක් ලෙස ජය ලබා අවසන් තරගය පිවිසීමට වරම් දිනාගන්නා ලද්දේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමයි.

Roma කණ්ඩායම වෙනුවෙන් Dzeko සහ Cristante ගෝල වාර්තා කල අතර මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ගෝල දෙකම වාර්තා කරන ලද්දේ උරුගුවේ ජාතික Cavani විසිනි.

දෙවන අවසන් පූර්ව තරගය එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු කණ්ඩායමක් වන Arsenal පිල හා ස්පාඤ්ඤ කණ්ඩායමක් වන Villarreal කණ්ඩායම අතර පැවැත්විණි. මෙම තරගය අවසන් වූයේ දෙපිලටම ගෝල ලබාගැනීමට නොහැකිව 0-0 ලෙසය. නමුත් ප්‍රථම අදියරේ තරගයේ ජය 2-1 ලෙස Villarreal ක්‍රීඩකයන් හිමිකරගත් බැවින් අවසන් පූර්ව තරගයෙහි ජය Villarreal කණ්ඩායම හිමිකරගන්නා ලදි.

ඒ අනුව අද දින අවසන් පූර්ව තරග දෙක ජයග්‍රහණය කල මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හා විලාරියල් කණ්ඩායම යුරෝපා ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම අවසන් තරගය මැයි මස 27 වන දින පැවැත්වීමට නියමිතය.

Leave a comment

Creedanet