මැන්චෙස්ටර් සිටී කණ්ඩායම චැම්පියන්ස් ලීග් අවසන් තරඟයට. !!

අද උදෑසන (5) චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගයක් පැවැත්විණි. ඒ මැන්චෙස්ටර් සිටී කණ්ඩායම හා Paris Saint-Germain කණ්ඩායම අතර දෙවන අදියරේ තරගයයි. මෙම තරගය ගෝල 2-0 ලෙස ජයගැනීමට මැන්චෙස්ටර් සිටී කණ්ඩායම සමත්විය. තරගය පැවැත්වූයේ මැන්චෙස්ටර් හී දීය.

මැන්චෙස්ටර් සිටී කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ ගොල දෙකම ලබා ගත්තේ ඇල්ජීරියානු ප්‍රහාරක ක්‍රීඩක Riyad Mahrez විසිනි. ඔහු තරගයේ 11′ වන හා 63′ වන මිනිත්තු වලදී ගෝල ලබාගන්නා ලදි. තරගයේ අවසානයේ PSG කණ්ඩායමේ Angel Di Marie හට රතු කාඩ්පතක්ද නිකුත් වුණි.

දෙපිල අතර ප්‍රංශයේ පැරිස් නුවර පැවති පළමු අදියරේ තරගය 2-1 ලෙස ජයගත්තේද ප්‍රභල මැන්චෙස්ටර් සිටී කණ්ඩායම විසිනි. ඔවුන් 2-0 ලෙස මෙම තරගයත් ජයග්‍රහණය කල බැවින් චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට වරම් දිනාගන්නා ලදි. ඔවුන් අවසන් මහා තරගයේදී රියල් මැඩ්රීඩ් කණ්ඩායම සමග හෝ චෙල්සී කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.

Leave a comment

Creedanet