මිකී ආතර් හා ග්‍රාන්ට් ෆ්ලවර් හුදකලා කෙරේ !!!

ශ්‍රි ලංකා වත්මන් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් හා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හුදකලා තත්වයේ රදවා තැබීමට තීරණය කොට ඇත. ඒ ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරු ශේන් මැක්ඩර්මෝට් කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙනි. ශ්‍රි ලංකා පන්දු රකින පුහුණුකරු මෙලෙසින් කොවිඩ් ආසාදිතයෙකු බවට වාර්තා වද්දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අනිද්දා දිනයේදී ආරම්භ වීමට නියමිතය.

මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර් යන දෙදෙනාට අමතරව කණ්ඩායමේ හෞතචිකිත්සකවරයාවන බ්‍රෙට් හැරොප්ද හුදකලා තත්වයේ රදවා ඇත. ශ්‍රි ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කොට ඇත්තේ ජාතික කණ්ඩායමේ පුහුණුවීම් සදහා එක්වූ කිසිදු ක්‍රීඩකයෙකු මෙම පුහුණු කාර්‍යමණ්ඩලයේ අය සමග සමීප සබදතා පවත්වා නොමැති බවටයි.

ශ්‍රි ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බැවින් පළමු ටෙස්ට් තරගයට බාධාවක් එල්ල නොවනු ඇතැයිද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සදහන් කොට ඇත. ශ්‍රි ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මින් පෙරද කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු විය.

Leave a comment

Creedanet