මූලික වටය අවසානයේදී කඩුලු ලාභීන් අතර පෙරමුණ ප්‍රවීන් ජයවික්‍රම හා චමින්ද බණ්ඩාරට.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත්විය. තරගාවලියේදී පිතිකරුවන්ට සාපේක්ෂව පන්දු යවන්නන් දක්ෂතා අතරට පැමිණීමට සමත් විය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ඔඅත් වූයේ මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමත් දගපන්දු යවන යොවුන් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමයි. ඔහු තරග 6ක් තුළදී පන්දුවාර 53 එක් පන්දුවක් තුළදී කඩුලු 15ක් දවාගැනීමට සමත් විය. සැරසන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන චමින්ද බණ්ඩාරද කඩුලු 5ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැන්නා බවට පත්විය.

වමත් වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු තරග 5ක් තුළ කඩුලු 14ක් බිදහෙලමින් වැඩිම කඩුලු ලාභීන් අතර තෙවන ස්‍ථානයෙහි රැදී සිටියි. දගපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයද තරගාවලිය තුළදී කඩුලු 11ක් දවාගැනීමට සමත් විය. තරගාවලිය තුළ ඉනීමක හොදම පන්දු යැවීම වාර්තා කළ උමේෂ්ක මොරායස් ලකුණු 46කදී කඩුලු 7ක් දවාගන්නට සමත් විය. මූලික වටයේදී පන්දු යවන්නන් දැක්වූ දක්ෂතා පහත දැක්වේ.

ක්‍රීඩකයා
(ක්‍රීඩා සමාජය)
පන්දුවාරකඩුලුහොදම පන්දු යැවීමසාමාන්‍දළ ලකුණු වේගය
ප්‍රවීන් ජයවික්‍රම
(මුවර්ස් ක්‍රීඩා සමාජය)
53.1154/1716.40
4.62
චමින්ද බණ්ඩාර
(සැරසන්ස් ක්‍රීඩා සමාජය)
58.0155/39
16.934.37
බිනුර ප්‍රනාන්දු
(රාගම ක්‍රීඩා සමාජය)
42.0146/288.712.90
දුෂාන් විමුක්ති
(යුධහමුදා ක්‍රීඩා සමාජය)
42.0143/168.922.97
බුද්ධික මදුෂාන්
(නාවිකහමුදා ක්‍රීඩා සමාජය)
42.2134/3512.003.68
බුද්ධික සංජීව
(බදුරලිය ක්‍රීඩා සමාජය)
38.2
134/4414.534.93
දිලේෂ් ගුණරත්න
(මුවර්ස් ක්‍රීඩා සමාජය)
45.3134/3315.844.52
ප්‍රභාත් ජයසූරිය
(එස් එස් සී ක්‍රීඩා සමාජය)
55.0133/2318.074.27
අලංකාර සිල්වා
(බදුරලිය ක්‍රීඩා සමාජය)
54.5133/5018.154.30
උදිත් මදුෂාන්
(සැරසන්ස් ක්‍රීඩා සමාජය)
53.1123/3720.164.55
උමේග චතුරංග
(කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය)
54.0124/3322.665.03
අකිල ධනංජය
(කෝල්ට්ස් ක්‍රීඩා සමාජය)
46.0114/2217.184.10
මලින්ද පුෂ්පකුමාර
(කොළඹ ක්‍රීඩා සමාජය)
46.5113/2117.274.05
උමේෂ්ක මොරායස්
(බී ආර් සී ක්‍රීඩා සමාජය)
26.4107/4612.304.61
මහේෂ් තීක්ෂණ
(යුධහමුදා ක්‍රීඩා සමාජය)
45.2
104/4016.303.59

Stats Source : ESPNcricinfo

Image Source : Getty images

Leave a comment

Creeda Sports Network