මූලික වටය අවසානයේදී මහේල උඩවත්ත හා චරිත් අසලංක පිතිකරුවන් අතර පෙරමුණේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ එක්දින තරගාවලියේ මූලික වටයේ තරග ඊයේ දිනයේදී නිමාවට පත් විය. මූලික වටයේ තරග කාණ්ඩයන් හතරක් ඔස්සේ පැවති අතර තරගාවලිය තුළදී පිත්තෙන් දස්කම් දක්වන්නට යොවුන් ක්‍රීඩකයන් සමත් විය.

තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ මුවර්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක මහේල උඩවත්තයි. ඔහු ඉනීම් හයක් තුළදී ලකුණු 351ක් රැස්කිරීමට සමත් වූයේ 58.50ක පිතිකරණ සාමාන්‍ය‍යක් රදවාගනිමිනි. වැඩිම ලකුණු ලාභීන් අතරෙහි දෙවැන්නා බවට පත් වූයේ SSC ක්‍රීඩක චරිත් අසලංකය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව අසලංක රැස්කළ නොදැවුනු ලකුණු 178 තරගාවලිය තුළදී ක්‍රීඩකයෙකු රැස්කළ ඉහලම ලකුණු සංඛ්‍යාව බවට පත් විය.

තරගාවලියේ මූලික වටය තුළදී දක්ෂතා දක්වන්නට යොවුන් ක්‍රීඩකයන්ට හැකිවිය. හිමාෂ ලියනගේ, නිපුන් හග්ගල්ල, සම්මු අශාන් හා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දස්කම් පෑ ධනංජය ලක්ෂාන් මූලික වටයේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් අතර වෙති. මූලික වටය අවසානයේදී ක්‍රීඩකයන්ගේ පිතිකරණ දක්ෂතා පහත දැක්වේ.

ක්‍රීඩකයා
(ක්‍රීඩා සමාජය)
ඉනීම්ලකුණුසාමාන්‍යවැඩිම ලකුණ
මහේල උඩවත්ත
(මුවර්ස් ක්‍රීඩා සමාජය)
635158.50116
චරිත් අසලංක
(එස් එස් සී ක්‍රීඩා සමාජය)
634887.00178*
හිමාෂ ලියනගේ
(යුධහමුදා ක්‍රීඩා සමාජය)
6336112.00101*
ජනිත් ලියනගේ
(රාගම ක්‍රීඩා සමාජය)
5323161.50102*
සදුන් වීරක්කොඩි
(බදුරලිය ක්‍රීඩා සමාජය)
631963.80121
ප්‍රමෝද් මදුවන්ත
(සැරසන්ස් ක්‍රීඩා සමාජය)
631462.8082*
චතුරංග ද සිල්වා
(එන් සී සී ක්‍රීඩා සමාජය)
529999.66118*
නිපුන් හග්ගල්ල
(බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය)
629959.80151
සම්මු අශාන්
(එස් එස් සී ක්‍රීඩා සමාජය)
628972.25107*
ධනංජය ලක්ෂාන්
(කෝල්ට්ස් ක්‍රීඩා සමාජය)
628948.1677
රොන් චන්ද්‍රගුප්ත
(කොළඹ ක්‍රීඩා සමාජය)
628146.8396
අවිශ්ක ප්‍රනාන්දු
(එස් එස් සී ක්‍රීඩා සමාජය)
625141.83132
නිෂාන් මදුෂ්ක
(රාගම ක්‍රීඩා සමාජය)
525050.0082
අෂාන් රන්දික
(යුධහමුදා ක්‍රීඩා සමාජය)
625050.00124
තිසර පෙරේරා
(යුධහමුදා ක්‍රීඩා සමාජය)
624581.6668

Stats Source : ESPNcricinfo

Image Source : SportsPhotography.lk

Leave a comment

Creeda Sports Network