රාගම ක්‍රීඩා සමාජය ටැමිල් යූනියන් පරදවමින් අවසන් පූර්ව වටයට.

SLC Major Club සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය අද දිනයේ දී කටුනායක දී පැවැත්වුණා. ඒ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ රාගම ක්‍රීඩා සමාජය ක්‍රිකට් සමාජය පළමුවෙන් පන්දුවට පහරදීමට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට ආරාධනා කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 255ක් රැස් කිරීමට සමත් වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා උනුයි යොහාන් මෙන්ඩිස් ලකුණු 75 ක් වාර්තා කිරීමට සමත්වුණා. සදීර සමරවික්‍රම ලකුණු 64යි. ඉනිමට වේගවත් අවසානයක් ලබා දුන් ඉසුරු උදාන පන්දු 22 කින් ලකුණු 32 ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුළු 3ක් දවාගැනීමට සමත්වුණා. ඔහු මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවන ක්‍රීඩකයෙක්. ඉෂාන් ජයරත්න සහ ශශික දුල්ෂාන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි රාගම ක්‍රීඩ සමාජය පන්දුවාර 46ක් පමණක් වැය කරමින් ඉලක්කය සපුරාගැනීමට සමත්වුණේ කඩුලු 5ක් දැවී තිබියදී.

රාගම වෙනුවෙන් ජනිත් ලියනගේ ලකුණු 91 ක්ද උදාර ජයසුන්දර ලකුණු 86ක් ද ලබාගැනීමට සමත්වුණා. පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරගය නිමාව දුටුවේ රාගම ක්‍රීඩා සමාජයට කඩුලු කඩුළු 6ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්. මේ ජයග්‍රහණයත් සමගින් ඔවුන් අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීමට සමත් වුණා.

ටැමිල් යූනියන් 255/9 (50)

යොහාන් මෙන්ඩිස් 75, සදීර සමරවික්‍රම 64, ඉසුරු උදාන 32. / බිනුර ප්‍රනාන්දු 3/47, ශශික දුල්ශාන් 2/24

රාගම ක්‍රීඩා සමාජය 256/4 (46)

ජනිත් ලියනගේ 91, උදාර ජයසුන්දර 86, දිනෙත් තිමෝද්‍ය 33 / උසුරු උදාන 2/37

Leave a comment

Creeda Sports Network