ලෙස්ටර් සිටී කණ්ඩායම FA කුසලානය දිනාගනී.

ඊයේ රාත්‍රියේ දී එංගලන්තයයේ FA කුසලානයේ අවසාන තරගයෙන් පැවැත්වුණා. ඒ ප්‍රභල චෙල්සී කණ්ඩායම සහ ලෙස්ටර් සිටි කණ්ඩායම අතර.

එහිඩී චෙල්සි කණ්ඩායම පරදවා ගෝල 1-0 ලෙස ජයගැනීමට ලෙස්ටර් සිටී කණ්ඩායම සමත්විය. මෙය ඔවුන් FA කුසලාන ඉතිහාසයේ ලබාගත් පළමු ශූරතාවයයි.

තරගය ලන්ඩන් හී පිහිටි Wembley පාපන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර පළමු අර්ධය නිම වෙන තුරුම දෙපිලට ගෝල ලබාගැනීමට නොහැකි විය. පසුව දෙවන අර්ධයේ 63′ වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ලෙස්ටර් සිටී කණ්ඩායමේ Yuri Tielemans තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කරන ලදි. එම ගෝලයත් සමගින් ඔවුන් ශූරතාව චෙල්සි කණ්ඩායමට අහිමි කලේ අඛණ්ඩව දෙවන වරටත් ඔවුන්ට අනුශූරතාව දායාද කරමිනි.

ඔවුන් පසුගිය 2020 වර්ෂයේ දී ද FA කුසලාන අවසන් මහා තරගයේදී ආසනල් කණ්ඩායම හමුවේ පරාජය වී අනුශූරතාව දිනාගන්නා ලදි. චෙල්සී කණ්ඩායම අවසන් වරට FA කුසලානයක් දිනාගන්නා ලද්දේ 2018 වසරේදීයි.

කෙසේනමුත් මෙවර තරගාවලිය පුරාම ඉහළ දක්ෂතා දැක්වූ ලෙස්ටර් සිටී කණ්ඩායම තම පළමු FA කුසලානයේ පහස ලබාගැනීමට හැකිවිය.

Image Source – Leicester City Football Club FB Page

Leave a comment

Creedanet