ලෝක කුසලානයට වෝන් නම් කළ කණ්ඩායමෙන් ස්මිත් ඉවතට !!!

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන කාණ්ඩය යටතේ තරග වදී. ඕස්ට්‍රේලියානු කණ්ඩායම තරගාවලියේ සහභාහී වන පළමු තරගය එළඹෙන ඔක්තෝබර් මස 23වනදා දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහි පළමු තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු කණ්ඩායමක් හිටපු දගපන්දු යවන ක්‍රීඩක ශේන් වෝන් විසින් නම් කොට ඇත. සිය ට්වීටර් ගිනුමෙහු සටහනක් තබමින් ශේන් වෝන් විසින් මෙම කණ්ඩායම ප්‍රකාශයට පත්කොට ඇත. මෙම කණ්ඩායමට හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ට්වී ස්මිත් ඇතුලත් වී නොමැත.

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් ලෙසින් ආරොන් ෆින්ච් හා වෝනර් වෝනර් නම් කොට ඇත. නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේදී ඩේවිඩ් වෝනර් එතරම් දක්ෂතා අතරට පැමිණීමට අසමත් විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අංක තුන පිතිකරු ලෙසින් ස්ටීව් ස්මිත් අභිබවා මාකස් ස්ටොයිනිස් නම් කිරීමට ශේන් වෝන් තීරණය කොට ඇත.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ ග්ලෙන් මැක්ස්වෙල් අංක 4 පිතිකරු ලෙසින් නම් කොට ඇති අතර මිචෙල් මාෂ් මැදපෙලට කැදවා ඇත. වෝන්ගේ කණ්ඩායමේ අංක 7 ක්‍රීඩකයා ලෙසින් ඇෂ්ටන් අගාර් හෝ ඩැනියල් ක්‍රිස්ටියන් නම් කොට ඇති අතර එදින තණතීරුව මත ක්‍රීඩා කරන ක්‍රීඩකයා තීරණය වනු ඇතැයි වෝන් සදහන් කොට ඇත. තවද තණතීරුවේ ස්වභාවය අනුව 11වන ක්‍රීඩකයාගේ ස්ථානය වෙනුවෙන් ක්‍රීඩකයන් තිදෙනකු නම් කොට ඇත.

Aaron Finch, David Warner, Marcus Stoinis, Glen Maxwell, Josh Inglis, Mitchell Marsh, Dan Christian/Ashton Agar (depending on conditions), Pat Cummins ,Mitchell Starc, Adam Zampa, Nathan Ellis/Kane Richardson/Josh Hazlewood (depending on conditions)

Leave a comment

Creedanet