ලෝක කුසලානයේදී සාර්ථක විය හැකි ක්‍රීඩකයන් පිළිබදව දසුන් හා බාබර් අදහස් දක්වයි !!!

පාකිස්තාන නායක බාබර් අසාම් හා ශ්‍රී ලංකා නායක දසුන් ශානක, මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතා අතරට පැමිණේ යයි අනුමාන කල හැකි ක්‍රීඩකයන් දෙදනෙකු නම් කොට ඇත. පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලි හා නවසිලන්ත නායක කෙන් විලියම්සන් මෙවර තරගාවලියේ දක්ෂතා දක්වනු ඇතැයි බාබර් අසාම් සදහන් කොට ඇත.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කොට ඇත්තේ ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිට් ශර්මා හා ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සාර්ථක වනු ඇති බවයි. මෙම මාධ්‍ය හමුවේදී බාබර් අසාම් සදහන් කොට ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුල ඔවුන් ක්‍රීඩා කොට ඇති බැවින් ලෝක කුසලාන තරගාවලියේදී පකිස්තාන් ක්‍රීඩකයන් හොදින් දක්ෂතා දක්වනු ඇති බවටයි.

” අපි එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ බොහෝ තරග ක්‍රීඩා කර තියෙනවා. එහි තත්වයන් අපට හිතකරයි. මගේ රට නියෝජනය කිරීම මට ගෞරවයක්න. ඒ වගේම නායකයා ලෙස කටයුතු කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙනව. මම විශ්වාස කරනවා අපි තරගාවලිය තුල හොදින් ක්‍රීඩා කරාවි කියල”

පකිස්ථාන සංචිතයට අත්දැකීම් බහුල ශොයිබ් මලික් කැදවීම සම්බන්දයෙන් බාබර් අසාම් මෙහිදී අදහස් දක්වා ඇත. එහිදී ඔහු සදහන් කොට ඇත්තේ ශොයිබ් මලික් අත්දැකීම් බහුල තරගකාරී ක්‍රීඩකයෙකු බවයි. නමුත් ඔහුට අවසන් ක්‍රීඩකයන් 11 අතරෙහි නිශ්චිත සහනයක් හිමිවේද යන්න පිලිබදව බාබර් අසාම් කිසිදු ක්රකාශයක් කොට නැත.

පකිස්ථානය මෙවර තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරයි. පකිස්ථාන කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළබෙන 24 වනදා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

Leave a comment

Creedanet