ලෝක කුසලාන සිහිනයේ පළමු කඩයිම පසුකරන්නට සිංහ පුතුන් ක්‍රිකට් පිටියට !!!

හත්වන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය. A කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වනුයේ නැමීබියානු කණ්ඩායමයි.

නැමීබියානු කණ්ඩායම ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සහභාගී වූ විස්සයි විස්ස තරග 22 අතුරින් තරග 18ක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත. නැමීබියානු කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 6ම ජයග්‍රහණය කොට ඇත. ඔවුන් අවසන් වරට උගන්ඩාව, එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය හා පැපුවා නිව්ගිනියා යන කණ්ඩායම් වලට එරෙහිව තරග වැදී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි විස්ස තරග 5 අතුරින් ඉන්දියාවට එරෙහි තරග 2ක් ජයග්‍රහණය කළ අතර දකුණු අප්‍රිකාව හමුවේ තරග 3ම පරාජයට පත් විය. නමුත් ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙර ඕමානය, බංග්ලාදේශය හා පැපුවා නිව්ගිනියානු කණ්ඩායම් සමග පැවති පුහුණු තරග 4ම ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

Key Players

ශ්‍රී ලංකාව

පිතිකරණ අංශයේදී අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමේ අංක හතර පිතිකරු භූමිකාව ඉටුකරනු ඇත. අවිශ්ක අවසන් වරට පැවති පුහුණු තරග 4 තුළදී පිළිවෙලින් ලකුණු 83, 33, 62 හා 61 රැස්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් දෙස අවධානය යොමු කිරීමේදී ශ්‍රේණිගතකිරීම්හි දෙවන ස්ථානයේ රැදී සිටින වනිදු හසරංග නැමීබියානු පිතිකරුවන්ට තර්ජනයක් වනු නොඅනුමානය. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර අවසන් විස්සයි විස්ස පුහුණු තරග වලදී දක්ෂතා අතරට පැමිණියේය. එම තරග 4 තුළදී කඩුලු 8ක් දවාගැනීමට ලහිරු කුමාරට හැකිවිය. වේගප්න්දු බලඇණියේ දුෂ්මන්ත චමීර සිය වගකීම නිසි පරිදි ඉටුකරනු ඇත.

නැමීබියාව

නැමීබියානු කණ්ඩායමේ ක්‍රේග් විලියම්ස් අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 4තුළදී පිළිවෙලින් ලකුණු 57,50,57 හා 81ක් රැස්කිරීමට සමත් වී ඇත. නැමීබියානු කණ්ඩායම වෙනුවෙන් මෙම වසරේ වැඩිම ලකුණු ලාභියා වන ඔහු ලකුණු 259ක් රැස්කොට ඇත්තේ 142ක ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමිනි. පන්දු යැවීම දෙස අවදානය යොමු කිරීමේදී වමත් දගපන්දු යවන ක්‍රීඩක බර්නාඩ් ස්කොල්ට්ස් කෙරෙහි අවදානය යොමුකළ යුතුය. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළදී පමණක් තරග 12ක් තුල කඩුලු 17ක් දවාගෙන ඇත. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේදී බර්නාඩ්, JJ ස්මිත් හා JN ෆ්‍රයිලින්ක් යන ක්‍රීඩකයන් තිදෙනාම වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් 5 අතර රැදී සිටියහ.

අද තරගයට ක්‍රීඩා කළ හැකි කණ්ඩායම්

Sri Lanka : Dinesh Chandimal (wk), Pathum Nissanka, Kusal Perera, Avishka Fernando, Bhanuka Rajapaksha/ Charith Asalanka, Dasun Shanaka (capt.), Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Maheesh Theekshana, Lahiru Kumara

Namibia : Stephan Baard, Zane Green (wk), Craig Williams, Gerhard Erasmus (capt.), David Wiese, JJ Smit, Pikky Ya France, Jan Frylinck, Ben Shikongo, Bernard Scholtz, Michael van Lingen

Leave a comment

Creedanet