ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරඟයට සියල්ල සූදානම්!

පළමු වරට පැවැත්වෙන ලෝක ක්‍රිකට් ටෙස්ට් ශූරයා සොයා යන ගමනේ අවසන් මහා තරඟය පැවැත්වීම සඳහා සියලුම කටයුතු මේ වන විට සූදානම් කොට තිබෙනවා.

මෙකී අවසන් මහා තරඟයේදී ඉන්දියානුවන් සහ නවසීලන්තය එකිනෙක ගැටීමට නියමිත වනවා. තරඟය ජූනි මස 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ Southampton හී Hampshire Bowl ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි ICC ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

තරඟයට යම්කිසි ආකාරයේ කාලගුණික හෝ වෙනත් බාධාවක් සිදුවී එක් දිනයක් ක්‍රීඩා කිරීමට නොහැකි වී ගියහොත් ඒ සඳහා ජූනි මස 23 වන දින අතිරේක දිනයක් ලෙසටද නම්කර තිබෙනවා. මේ නිසා තරඟයේ දින 5 ම කෙලෙස හෝ පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

මෙලෙස අතිරේක දිනයක් හෝ යොදාගෙන තරඟය දින 5 ම ක්‍රීඩා කිරීමට කටයුතු කරන්නේ තරඟය ජය පරාජයෙන් තොරව යම්කිසි තීරණයකට රැගෙන යාමේ අරමුණින් බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කොට සිටිනවා.

Featured image – insidesport

Leave a comment

Creedanet