වත්මන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොදම කඩුලු රකින පිතිකරුවා රිස්වාන්ද?

සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ඊයේ දිනයේදී පැවති පළමු විස්සයි විස්ස තරගයේදී විශිෂ්ට ඉනීමක් ක්‍රීඩා කරන්නට පාකිස්තාන කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන්ට හැකිවිය. පන්දු 61කට මුහුණ දුන් රිස්වාන් හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් එල්ල කරමින් ලකුණු 82ක් රැස්කිරීමට සමත් විය.

මොහොමඩ් රිස්වාන් අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර ඉනීම් 9 තුළදී ලකුණු 515ක් රැස්කිරීමට සමත් වන්නේ 103ක ලකුණු සාමාන්‍ය‍යක් හා 145.07ක ප්‍රහාරාත්මක වේගයක් රදවා ගනිමිනි. ඔහුගේ අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම් 9ට අර්ධශතක 5ක් හා එක් ශතකයක් ඇතුළත්ය.

කොවිඩ් අවධානම හේතුවෙන් අතරමග නවතාදැමුණු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වන්නේද මොහොමඩ් රිස්වාන්ය. තරග 5ක් තුළදී ලකුණු 297ක් රැස්කිරීමට රිස්වාන් සමත් වන්නේ 59.40ක ලකුණු සාමාන්‍ය‍යක් හා 140.09ක ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි.

පසුගිය වසරේ දෙසැම්බර් මස නවසීලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේදී ආරම්භක පිතිකරු වශයෙන් මොහොමඩ් රිස්වාන්ට උසස්වීමක් හිමිවිය. එතැන් සිට අවසන් ඉනීම 11 තුළදීම පාකිස්තාන ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරමින් ලකුණු 79.14ක පිතිකරණ සාමාන්‍ය‍යක් රදවාගන්නට රිස්වාන්ට හැකිවී ඇත. ආරම්භක පිතිකරුවකු ලෙසින් උසස්වීම් ලබන්නට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස ඉනීම් 15 තුළදී මොහොමඩ් රිස්වාන්ගේ පිතිකරණ සාමාන්‍ය‍ ලකුණු 16.81ක් පමණ වූ අතර ප්‍රහාරක වේගය 96.35ක් පමණ විය.

ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කරන රිස්වාන් සිය කඩුලු රැකීමේ වගකීමද නිසි පරිදි ඉටුකරන්නට සමත් වී ඇත. පසුගිය මාස 12ක කාලසීමාව තුළදී අවම වශයෙන් ඉනීම් තුනක් පිතිකරණයේ නියැලුන කඩුලු රකින්නෙකු රිස්වාන්ගේ පිතිකරණ සාමාන්‍ය(79.14) පසුකිරීමට අසමත් වී ඇත. එමෙන්ම පසුගිය මාස 12ක කාල සීමාව තුළදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කිසිදු පිතිකරුවෙකු මොහොමඩ් රිස්වාන් ඉනීම් 12කදී රැස්කළ ලකුණු 554 අභිබවා යාමට සමත් වී නොමැත. ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම්හි අංක එකේ ස්ථානයෙහි රැදී සිටින ඩේවිඩ් මලාන්ටද මෙම කාල සීමාව තුළදී තරග 14ක් ක්‍රීඩා කරමින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 534ක් පමණි.

අවසන් මාස 12ක කාලසීමාව තුළදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ක්‍රීඩකයන්ගේ පිතිකරණ දක්ෂතා

PlayerMatInnsNORunsHSAveBFSR1005004s6s
Mohammad Rizwan (PAK)16125554104*79.14395140.251525818
DJ Malan (ENG)1414353499*48.54390136.920506015
DP Conway (NZ)1411347399*59.12313151.110404914
Babar Azam (PAK)1412047112239.25330142.72141597
MJ Guptill (NZ)141304039731.00264152.650213128
Mohammad Hafeez (PAK)1310239199*48.87260150.380313219
JC Buttler (ENG)1010338983*55.57267145.690413019
GD Phillips (NZ)1412336610840.66198184.841103024
V Kohli (INDIA)8833658573.00251145.410412714
AJ Finch (AUS)1010135779*39.66266134.210213912
Source : Statguru

Leave a comment

Creedanet