වනිදු හසරංග යළිත් යාපනයට !!!

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලියේ පසුගිය වර ශූරතාවය හිමිකරගත් Jaffna Stallions කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් වීම හේතුවෙන් එම කණ්ඩායම නව මුහුණුවරකින් Jaffna Kings ලෙසින් තරගාවලියට එක්වීමට සූදානම් වෙයි.

මෙවර තරගවාරය වෙනුවෙන් යාපනය කණ්ඩායම වනිදු හසරංග සිය කණ්ඩායම තුළ රදවා ගැනීමට තීරණය කොට ඇතැයි වාර්තා වේ. ඔහු පසුගිය වසර තුළ දක්ෂතා විශිෂ්ට මට්ටමක පැවති හෙයින් වනිදු හසරංග යාපනය කණ්ඩායම තුළ රදවා ගැනීමට Jaffna Kings කළමණාකාරීත්වය තීරණය කොට ඇත.

එමෙන්ම Jaffna Stallions කණ්ඩායම ශූරතාවය කරා මෙහෙය වූ තිසර පෙරේරා නැවතත් Jaffna Kings කණ්ඩායම තුළ රදවා ගැනීමට සූදානම් වන බව Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට ඇත. එමෙන්ම මෙම වසරෙදීද යාපනය කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් තිලිණ කණ්ඩම්බි එක් කරගැනීමට තීරණය කොට ඇත.

Jaffna Kings කණ්ඩායමේ පළමු විදෙස් සන්නාම ක්‍රීඩකයා වශයෙන් හිටපු දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් නම් කොට ඇත. එමෙන්ම පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ශොයිබ් මලික් නැවතත් කණ්ඩායම තුළ රදවා ගැනීමට බලාපොරොත්තු වන බවද Jaffna Kings කළමනාකාරීත්වය සදහන් කොට ඇත.

Leave a comment

Creedanet