වනිඳු සහ ඉසුරු කැරබියන් ප්‍රිමියර් ලීගයට තෝරාගැනේ.

ලොව සුපිරිතම 2020 ප්‍රිමියර් ක්‍රිකට් ලීග් තරඟාවලියක් ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හැඳින්විය හැකී. මෙම තරඟාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් වන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් කැරබියන් ප්‍රිමියර් ලීගය තුළ ක්‍රීඩා කරන කණ්ඩායම් විසින් සිය කණ්ඩායම් සඳහා තෝරාගනු ලැබුවා. ඒ අනුව එලෙස තෝරාගත් ක්‍රීඩකයින් වන්නේ වනිඳු හසරංග, ඉසුරු උදාන සහ තිසර පෙරේරා යි.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගව සිය කණ්ඩායමට තෝරා ගැනීමට St Kitts & Nevis Patriots කණ්ඩායම තීරණය කරනු ලැබුවා. එම කණ්ඩායමට සුපිරි කොදෙව් ක්‍රීඩකයන් වන ක්‍රිස් ගේල් සහ ඩ්වේන් බ්‍රාවෝ ද ඇතුළත්. වනිදු හසරංගව ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ලීගයකට තෝරා ගත් පළමු අවස්ථාව මෙයයි.

පසුගිය වසරේ IPL තරඟාවලියට ද ක්‍රීඩා කළ ඉසුරු උදාන මෙම ලීග් තරඟාවලියේ කණ්ඩායමක් විසින් තෝරා ගත් තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්. ඔහුව තෝරා ගෙන තිබෙන්නේ පසුගිය වසරේ කැරබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ශූරතාවය ජයග්‍රහණය Trinbago Knight Riders කණ්ඩායමයි. එම කණ්ඩායම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක කයිරොන් පොලාර්ඩ් ගේ නායකත්වයෙන් යුතුයි.

කැරබියන් ප්‍රිමියර ලීගයට තේරී පත්වුණු තෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ මෑතක දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරායි. Barbados Tridents කණ්ඩායම විසින් තිසරව සිය කණ්ඩායමට එක්කර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු මෙවර කැරබියන් ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. මේ වසරේ තරගාවලිය අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 19 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි

කණ්ඩායම් සංයුතීන්

Image Source – Getty Images and CPL FB Page

Leave a comment

Creedanet