නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් ලේඛනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කොට ඇත. අද දිනයේදී නිකුත් කළ ජාත්‍යන්තර විස්සයි විස්ස පන්දු යවන්නන් අතරෙහි මුල් ස්ථානයන් 10ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනෙකු ඇතුළත්ය.
බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේදී දස්කම් දැක්වූ ලක්ෂාන් සදකැන් හා වනිදු හසරංග විස්සයි විස්ස පන්දු යවන්නන් අතරෙහි මුල් ස්ථාන 10ට ඇතුළත්ය. ලක්ෂාන් සදකැන් ශ්‍රේණිගතකිරීම්හි 9වන ස්ථානයෙහිම රැදී සිටින අතර වනිදු හසරංග 10වැන්නා ලෙසින් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත. මින් පෙර ශ්‍රේණිගතකිරීම්හි දසවන ස්ථානය නවසීලන්ත දගපන්දු යවන ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්ට හිමිව තිබුණි.
එමෙන්ම බංගලාදේශයට එරෙහි තරගාවලියේදී දස්කම් පෑ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සවුති හයවන ස්ථානයට පැමිණීම හේතුවෙන් ඇඩම් සම්පාට එක් ස්ථානයක් පසුබසින්නට සිදුවී ඇත.
නවතම විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් ලේඛනය
- ටබ්රායිස් ශම්සි – 733
- රෂීඩ් ඛාන් – 719
- ඇෂ්ටන් අගාර් – 702
- අඩිල් රශිඩ් – 694
- මුජීබ් උර් රහ්මාන් – 687
- ටිම් සවුති – 669
- ඇඩම් සම්පා – 663
- ඉෂ් සෝධි – 640
- ලක්ෂාන් සදකැන් – 639
- වනිදු හසරංග – 623