වසර 30 ක Liverpool පැතුම තවදුරටත් කල් යයි!

වසර 30 කට පසුව එංගලන්ත පාපන්දු ලීගය වන Premier League ශූරතාවය දිනා ගැනීමට ආසන්න වී සිටින Liverpool කණ්ඩායමේ බලාපොරොත්තු තව දුරටත් ඉක්මනින් ඉටුකර ගැනීමට ඊයේ Everton ක්‍රීඩකයන් අවස්ථාව ලබා දුන්නේ නෑ. Liverpool නගරයේම පිහිටා ඇති Everton ක්‍රීඩා සමාජය ඊයේ තම ක්‍රීඩාංගනය වන Goodison Park හීදි තරගයට සත්කාරකත්වය ලබා දුන්නා. Liverpool කණ්ඩායමේ ක්‍රීඩාංගනය වන Anfield ක්‍රීඩාංගනය පෙනන දුරින් Liverpool ක්‍රීඩකයන් තරග බිමට පිවිසියා. කෙසේ වෙතත් අවසානයේ තරගය නිමාව දකින්නේ ගෝල 0-0 ක් ලෙසට දෙපිළටම එක ප්‍රසාද ලකුණ බැගින් හිමි වෙමින්.

Image – https://static.standard.co.uk/

ඒ අනුව මෙවර තරගවාරයේ මේ වන විට තරග 30ක් ක්‍රීඩා කල Liverpool කණ්ඩායම තරග 27ක් ජය ගනිමින් තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් හා එක් තරගයක් පරාජයට පත් වෙමින් ලබාගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 83ක්. ඔවුන්ට තවත් තරග 8ක් ඉතිරිව තිබෙනවා. දෙවන ස්ථානයේ රැදී සිටින Manchester City කණ්ඩායම තරග 29ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 19ක් ජය පරාජයෙන් තොර 3ක් සහ පරාජයන් 7ක් සමග ලබාගෙන සිටින ප්‍රසාද ලකුණු ගණන 60ක්! ඔවුන්ට ඉතිරිව ඇති තරග 9න් 9ම ජයග්‍රහණය කලහොත් තවත් ප්‍රසාද ලකුණු 27ක් ලබා ගැනීමට හැකි වනු ඇත.එවිට ඔවුන්ට මෙවර තරගවාරයේ ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වන්නේ 87කි.

තවදුරටත් තරග 8ක් ඉතිරිව ප්‍රසාද ලකුණු 83ක් ලබා සිටින Liverpool කණ්ඩායමට ලීගය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ තවත් ප්‍රසාද ලකුණු 5ක් පමණයි.ඒ සදහා ඔවුන්ට ඉතිරිව ඇති තරග 8න් 2ක් ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත් වනවා.පහසු අභියෝගය හමුවේ Liverpool කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් බලා සිටින්නේ වසර 30 ක ඉඩෝරය තමන් නිමා කරන දිනය උදාවන තෙක් ය.

ඊයේ පැවති තවත් තරගයක් වූ Aston Villa සහ Chelsea අතර තරගයේ දෙවන භාගයේදී නැවත පැමිණීම සම්පූර්ණ කල Chelsea කණ්ඩායම ගෝල 2-1 ක ජයග්‍රහණයක් සටහන් කලා.පළමු භාගයේ 43 වන විනාඩියේදී Hause රැස් කල ගෝලයෙන් Aston Villa පෙරමුණට පැමිණියා.

Image Source – Sportsslens.com

කෙසේ හෝ දෙවන භාගයේදී නැවත තම රිද්මයට අවතිරණ වූ Chelsea කණ්ඩායම 60 සහ 62 විනාඩි වලදී ගෝල දෙකක් රැස් කරගන්නවා.ගෝල හිමිකරුවන් පිළිවෙලින් Pulisic සහ Oliver Giroud.මේ ජයග්‍රහණයත් සමගම තවදුරටත් Champions League තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ තම ස්ථානය තහවුරු කරගනිමින් ප්‍රසාද ලකුණු 51ක් සමග Chelsea කණ්ඩායම ලීග සටහනේ 4 වන ස්ථානයේ පසු වනවා. පරාජයත් සමගම මෙවර තරගවාරයේ නැවත දෙවන පෙළට වැටීමේ අවදානමේ සිටින Aston Villa රැදී සිටින්නේ ලීගයේ අවසානයට පෙර ස්ථානය වන 19 වන ස්ථානයේයි.

තවදුරටත් ඊයේ පැවති තරග අතුරින් Sheffield United කණ්ඩායම අභිබවමින් Newcastle United කණ්ඩායම ගෝල 3-0 ක් ලෙසට ජයග්‍රහණය කර ගන්නවා.තරගයෙන් අනතුරුව තවදුරටත් Sheffield United කණ්ඩායම ලීග සටහනේ 7 වන ස්ථානයේත් Newcastle කණ්ඩායම 13 වන ස්ථානයේත් පසු වනවා.

Leave a comment

Creedanet