වේල්ස ක්‍රීඩක Aaron Ramsey හට Euro කුසලානය අහිමි වෙයිද?

Euro 2020 පාපන්දු තරඟාවලිය කොවිඩ් වසංගතය නිසා කල් දැමීමෙන් අනතුරුව අද දිනයේදී නැවත ආරම්භ වීමට නියමිත වනවා. ඒ අනුව අද දින මුල්ම තරඟය ලෙසට තුර්කිය ඉතාලියත් සමගින් තරඟ වැදීමට නියමිත වනවා. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 12 30 ට ය.

සමාරම්භක තරඟයට පෙර ලැබෙන ආරංචි මාර්ග අනුව වේල්ස කණ්ඩායමට තරඟාවලියේ අතිශය තීරණාත්මක ක්‍රීඩකයෙක් වන Aaron Ramsey ගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමටකට පත්ව ඇති බවට වාර්තා වනවා. ඒ ඔහු යුරෝ කුසලානයට පෙර වේල්සය සහභාගී වූ අවසන් පුහුණු සැසියටත් වාර්තා නොකිරීම හේතුවෙනුයි.

30 හැවිරිදි වියේ පසුවන අත්දැකීම් බහුල Juventus කණ්ඩායම නියෝජනය කරන මැදපෙල ක්‍රීඩකයා හට යම්කිසි ආබාධ තත්ත්වයක් පවතිනවාද යන්න තවම සඳහනක් වන්නේ නෑ. නමුත් Ramsey සහ වේල්සය ප්‍රකාශ කරන්නේ ඔහු එළඹෙන සෙනසුරාදා දින වේල්ස කණ්ඩායම සහභාගී වන පළමු තරඟය වන ස්විට්සර්ලන්තය සමග පැවැත්වෙන තරඟය සඳහා සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවයි.

Featured Image – BT

Leave a comment

Creedanet