ශ්‍රීලංකා Legends හ ශ්‍රීලංකා ජාතික කණ්ඩායම අතර ගැටුම මැයි මස 4 වනදා !!!

සුවහසක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ඇගිලිගනිමින් බලාසිටි වර්ථමාන ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා Road Safety World Series තරගාවලිය ක්‍රීඩා කල Sri Lankan Legends කණ්ඩායම අතර තරගයක් පැවැත්වීමට සූදානම් වනබවට නිල නොවන ආරංචි මාර්ග පසුගිය දින කිහිපයේ සැලකර සිටියේය.

එය සැබෑවක් බවට පත් කරමින් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය අද දිනයේදී එය නිල වශයෙන් තහවුරු කරන ලදි.

ඒ අනුව ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රීලංකා Legends කණ්ඩායම අතර තරගය ලබන මැයි මාසයේ 4 වන දින මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන ලදි.

ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිතය.

කෙසේනමුත් තරගයට දෙපිලෙන් සහභාගී වන සංචිතය කුමක්දැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුක්ත ශ්‍රීලංකා Legends කණ්ඩායම පසුගිය Road Safety World Series තරගාවලියේ අනුශූරතාවය දිනාගැනීමට සමත්විය.

ඒ අනුව බලන කල ඔවුන් හට වර්ථමාන ශ්‍රීලංකා ජාතික කණ්ඩායමට හොද තරගයක් ලබාදිය හැකි පසුබිමක් පවතී.

ශ්‍රීලංකා කණ්ඩායම මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමකර දිවයිනට පැමිණ ඇත.

Leave a comment

Creeda Sports Network