ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ වදින එංගලන්ත විස්සයි විස්ස සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා වන එංගලන්ත කණ්ඩායම අද දිනයේ දී ප්‍රකාශයට පත් කොට ඇත. ජුනි මස 23වනදා ආරම්භ වන තරගාවලියට තරග තුනක් ඇතුළත්ය.

කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි ඉයන් මෝගන්ට හිමිවී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් නම් කළ විස්සයි විස්ස සංචිතයට ආබාධයන්ට ලක්ව සිටින බෙන් ස්ටෝක්ස් හා ජොෆ්රා ආචාර් ඇතුළත්ව නොමැත. 31 හැවිරිදි වියෙහි පසුවන ඩේවිඩ් විලී හා ලියම් වෝසන් නැවතත් කණ්ඩායමට කැදවා ඇත.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ශ්‍රී ලංකාවට එරෙගි විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් කැදවා ඇත. ඔහු අවසන් වරට විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කොට ඇත්තේ 2015 වසරේ නොවැම්බර් මාසයේදී වීම සුවිශේෂීය.

එංගලන්ත විස්සයි විස්ස සංචිතය.

Eoin Morgan (captain), Moeen Ali, Jonny Bairstow, Jos Buttler, Dawid Malan, Liam Livingstone, Adil Rashid, Tom Curran, Sam Curran, Chris Woakes, David Willey, Liam Dawson, Chris Jordan, Mark Wood, Sam Billings, Jason Roy

Author – Chathura Ramanayake

Featured Image – Last word on cricket

Leave a comment

Creedanet