ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ආසියානු කුසලානය විස්සයි විස්ස ආකෘතියෙන් !!!

2023 ආසියානු කුසලාන තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට පසුගියදා තීරණය විය. එම තරගාවලිය පන්දුවාර 50 ආකෘතියට අනුව පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. පසුගියදා ආසියානු ක්‍රිකට් කවුන්සලය සමගින් පැවති සාකච්ඡාවකින් අනතුරුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සභාපති රමීස් රාජා මේ බව තහවුරු කොට ඇත.

පසුගිය වසරේ මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලිය 2022 වසරේදී පාකිස්තානයේ පැවැත්වීමට තීරණය කොට තිබුණි. නමුත් පන්දුවාර විස්ස ආකෘතියෙන් එළඹෙන වසරේ ජූලි – අගෝස්තු මාස වලදී පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරනු ඇත.

“2023 පකිස්ථානයේ පැවැත්වෙන ආසියානු කුසලානය පන්දුවාර 50 තරගාවලියක්. පකිස්ථානයේ පැවැත්වෙන 2023 තරගාවලිය පන්දුවාර 50 ආකෘතියේ තරගාවලියක් වන අතර එය සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය එකඟ වී අනුමැතිය ලබා දී ඇත. මෙය 2023 ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල පැවැත්වෙන අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට හොද පෙරහුරුවක්.”

“මෙම තරඟාවලිය පකිස්ථානයේදී පැවැත්වීමට අපි බලාපොරොත්තු වන අතර එය හොඳින් සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙනවා, මන්ද මෙය රසිකයින්ගේ අවශ්‍යතාවයයි.ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලිය පන්දුවාර 20 තරගාවලියක පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය තහවුරු කර ඇත. 2022 ඔක්තෝම්බර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්රේලියාවේදී පැවැත්වෙන 2022 අයිසීසී පිරිමි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ආසියානු කුසලානය හොද පෙරහුරුවක් වනු ඇත.” යනුවෙන් පකිස්ථාන ක්‍රිකට් සභාපති රමිස් රජා සදහන් කොට ඇත

Leave a comment

Creedanet